ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සොරුන් අල්ලන්න පොලිසිය කනප්පු කරකවයි


මීට දින නවයකට ඉහත දී කළුතර පොලිස් අභ්‍යාස විදුහලේ සමූපකාර අලෙවි සැලෙන් රුපියල් ලක්ෂ 13ක් පැහැර ගත් සොරුන් අල්ලා ගැනීම සඳහා පොලිසිය කනප්පු කැරැකැවීමක යෙදී ඇත.

පොලිස් අභ්‍යාස විදුහල් භූමියට ගෙන්වා ගත් කුරුණෑගල ප‍්‍රදේශයේ කට්ටඩියකු පැය ගණනාවක් කනප්පුවට යන්ත‍්‍ර මන්ත‍්‍ර ජප කරමින් ස්තෝත‍්‍ර ගායනා කිරීමෙන් අනතුරු ව කනප්පුව කැරැකැවීම සඳහා දේව ගණයේ දෙදෙනෙකු යොදවා ඇත.

ඒ දෙදෙනාගේ කැරැකැවීම යටතේ කනප්පුව ප‍්‍රථමයෙන් පුස්තකාලයටත්, බැරැක්කයටත්, සමූපකාරයට සහ එහි මුදල් තැන්පත් කර තිබූ බව කියන යකඩ කබඞ් එක ළඟටත්, ගමන් කළ බව ආරංචි
මාර්ගවලින් පැවැසේ. කනප්පුවේ ගමන එතනින් අවසන් වී ඇති බව ද දැනගන්නට තිබේ.

මෙම සමූපකාර අලෙවි සැල භාර ව පොලිස් පරීක්ෂකවරියක සේවයේ යෙදී සිටි අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු සැරයන් වරයෙකු සහ කොස්තාපල්වරුන් කීප දෙනෙකු මෙන් ම පොලිස් ආරක්ෂකයෙකු සහ කම්කරුවෙකු ද එහි සේවයේ යෙදී සිට ඇත.

කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් එම කම්කරුවා පදිංචි නිවෙසේ කාමරයක බෑගයක තිබූ සමූපකාර වෙළෙඳසැලේ දොර විවෘත කළ හැකි යතුරක් සොයා ගෙන ඇති අතර අත්අඩංගුවට ගනු ලැබූ එම කම්කරුවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ව රිමාන්ඞ් භාරයට පත් කරනු ලැබ සිටියේ ය.

සමූපකාර වෙළෙඳසැලේ ලාච්චුවේ තිබූ මුදල් පැහැරගෙන ඇතත් එහි දොර ජනෙල්වලට කිසිදු හානියක් සිදු නො වීම සැකයට තුඩු දෙන කරුණ වී ඇත.

Posted in:

0 comments for "සොරුන් අල්ලන්න පොලිසිය කනප්පු කරකවයි"

Leave a reply