බොලිවුඞ් නළු නිළියන්ට ඩොලර් මිටිවලට අපේ අයගේ ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දසදෙනෙකු ඉන්දියානු ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම පිළිබඳ හිටපු ක‍්‍රිකට් නායකයකු හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග මහතා අදහස් දක්වමින් එසේ කියා සිටියේ ය.
‘මේක ඉන්දියානු රජය මැදිහත් වීමෙන් සිදුවන අන්තර්ජාතික තරගාවලියක් නෙවෙයි. ඉන්දියානු ක‍්‍රිකට් ගැන මණ්ඩලයේ ආශිර්වාදය මත එරට සිටින ව්‍යාපාරිකයන් හා නළු
නිළියන් තවත් පොහොසත් කරන වැඩක්.
මේ හරහා රටේ කීර්තියට වන හානිය විශාලයි. ඇත්තට ම මේකට වග කියන්න ඕන මෙරට ක‍්‍රිකට් ආයතනය යි. ඔවුන්ට මේ සම්බන්ධයෙන් ඍජු තීරණයක් ගන්න කොන්දක් නෑ. මම කනගාටු වෙනවා සංගක්කාර වැනි පරිණත බුද්ධිමත් ක‍්‍රීඩකයකුට පවා මේක නො පෙනීම ගැන. බොලිවුඞ් නළු නිළියන්ට ඩොලර් මිටිවලට අපේ අයගේ ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා.
මේක ක‍්‍රිකට්වලට කරපු මහා අවමානයක්. සංගක්කාර කියන තරම් මේක සුන්දර නෑ. චෙන්නායි තියෙන්නෙත් ඉන්දියාවේ ඇතුළෙ ම තමයි. මේ ප‍්‍රශ්නයේ දී ඔවුන් තමන්ගේ ස්ථාවරය වෙනසක් කළේ නෑ. මේක අපේ ක‍්‍රීඩකයින්ටවත් නො තේරීම මට හරි පුදුමයි. මෙතරම් අවමානයකට ලක්වෙලා අපි කවදාවත් ක‍්‍රිකට් ගහලා නෑ. අපේ ක‍්‍රිකට් අවමානයට ලක් කරන්න උත්සාහ කරපු හැම වෙලාවෙම අපි ඊට එරෙහිව රට එකට තියලා අපි නැඟී හිටියා. තමන්ගේ පැරණි මිනිස්සු ගෙනත් දීපු ඒ අභිමානය කීර්තිය රැුකගන්න අද පරම්පරාව දැනගත යුතුයි. නමුත් රටේ අවාසනාවකට අද එවැනි තත්ත්වයක් පේන්න නෑ’ යයිද රණතුංග සඳහන් කරයි.

0 comments for "බොලිවුඞ් නළු නිළියන්ට ඩොලර් මිටිවලට අපේ අයගේ ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා."
Leave a reply