රත්මලාන බිරිය හා දරු දෙදෙන ඝාතනය මධුරට නඩු කියන්න සල්ලි මදිවෙලා
ඇ`ගලූම් ආයතනයේ විධායක තනතුරක් දරමින් මසකට ලක්ෂ එකහමාරක වේතනයක් ලැබූ මධුර සතුව බැංකු ගිණුම් ගණනාවක් පැවති අතර ඒ බොහොමයක් ඔහු සිරිතක් වශයෙන් පවත්වාගෙන ගොස් ඇත්තේ බිරිය සමග හවුලේය.
සල්ලි මදිවීමට හේතු වූයේ ඔහු කොපමණ සැලසුම් කර මිනීමැරුවත් ඔහුගේ ස්ථාවර තැන්පතු ගිණුම් මියගිය බිරිය හා එක්ව පාර්ශ්ව දෙකේ අනුමැති කොන්දේසි සහිත ජොයින්ට් එකවුන්ට් ලෙස පවත්වා යාම නිසාය.
ඒ අනුව ඔහුගේ ස්ථාවර ගිණුම් වලින් මුදල් ලබාගන්නට හැකියාව ඇත්තේ දෙදෙනාගේම අත්සනින් වන අතර ඔහුගේ සැලසුමේ පරිදි භාර්යාව මියගියේ ස්වාභාවික ගින්නකින් යයි මරණ පරීක්ෂණයේදී ඔප්පු විනි නම් එම මරණ සහතිකය ඔස්සේ අදාළ ගිණුම් වල කොන්දේසි ලිහිල් කරගන්නට
හැකියාව තිබිණි. නමුත් ඔහු බිරිය මරාදැමීම ගැන සැකකරන නිසා අදාළ ගිණුම් වල වෙනසක් කිරීමට අධිකරණ නියෝගයක් අවශ්‍යවී තිබුණා.
ඒ අනුව සැකකරුගේ නීතීඥයින් පෙන්වා දුන්නේ මධුරට නීතීඥ ගාස්තු ගෙවීමට දැන් ළ`ග ඇති මුදල් ප‍්‍රමාණවත් නැති බැවින් ස්ථාවර තැන්පතු ගිණුම් වල හිමිකාරත්වය මධුරගේ කැමැත්ත පරිදි ඔහු රැුකබලාගත් බව කියන මවට පවරන ලෙසයි. එමගින් ඇයට අවශ්‍ය මුදල් බැංකුවෙන් රැුගෙන ලබාදිය හැකි බවයි.
මේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු කියා සිටියේ මේ ඉල්ලීමට අදාළ ගිණුම් වල අනෙක් පස හිමිකාරත්වය දරන මියගිය බිරිය වන සචේතනාගේ මව විරුද්ධත්වය පළ කරන නිසා එම ඉල්ලීමට ඉඩ දෙන්නට නොහැකි බවයි.
මේ අතර මේ වනවිට අධිකරණ නියෝග මත මධුරගේ ගිණුම් ගණනාවක් අත්හිටුවා ඇති බවත් ඒවා සක‍්‍රීය කර දෙන ලෙසත් නීතීඥයින් ඉල්ලා සිටියත් ඒ ගැන වැඩිදුර විභාග කළ යුතු බව දන්වමින් ඉල්ලීම සලකා බැලීම ලබන 11 වනදා තෙක් කල් තබන්නට විනිසුරුවරිය තීරණය කළා.
මුදල් ප‍්‍රශ්න තවදුරටත් උග‍්‍ර වුවහොත් ලක්ෂපතියෙකුවූ මධුරට නීතීඥයින්ගෙන් තොරව තනිවම නඩුවේ කතා කරන්නට සිදුවනු ඇති බවද වාර්තා වුණා.

0 comments for "රත්මලාන බිරිය හා දරු දෙදෙන ඝාතනය මධුරට නඩු කියන්න සල්ලි මදිවෙලා"
Leave a reply