ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

වල් අලියා අරන් ගියා ඇය නොමරා දාල ගියා


ගමේ කාන්තාවන් සමඟ කැලයට දර කැඩීමට ගිය මහමාන්කඩවල ඇලයාපත්තුව 34 හැවිරිදි දෙදරු මවක් වල් අලියකු විසින් පහරදෙනු ලැබ වන මැද කොට දෙකක් අතර කොළ රොඩුවලින් වසා දමා සිටියදී ගම්වාසීන් විසින් බේරාගෙන අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.

වල් අලි ප්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාල ලැබූ මහමාන්කඩවල ඇලයාපත්තුවේ කේ. ජයන්ති මහත්මිය (34) අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. සිද්ධිය සියැසින් දුටු බව කියන මහමාන්කඩවල ඇලයාපත්තුවේ නිරෝෂා දමයන්ති (37) මහත්මිය පවසන ආකාරයට සිද්ධිය මෙසේ විය.
වල් අලි ප්‍රහාරයට ලක්වූ ජයන්ති ගමේ තවත් කතුන් කීපදෙනකු සමඟ දර
කැඩීමට කැලයට ගොස් ඇත.

එහි ගිය ඇය අසල හේනකින් මිරිස් ටිකක් කඩා ගැනීමට ගියාය. මේ අවස්ථාවේ එහි කඩා වැදුණු වල් අලියා ජයන්ති ඔසවාගෙන මීටර් 25ක් පමණ දුරට රැගෙන ගොස් බිම දමා පාගා අතක් සහ පාදයක්ද කඩා දමා ඇත.

පස්සේ වල් අලියා ජයන්තිගේ පපුවට පය තියලා පාගන්න වගේ හිටියා. ඒත් පාගන්නේ නැතුව ආයෙත් ජයන්ති ඔසවාගෙන ගොහින් කැලේ කොට දෙකක් අතරට දාලා කොළ රොඩුවලින් වහලා ගොස් තිබෙනවා. මේ අතර ප්‍රදේශවාසියකු වන මහින්ද නමැති ආබාධිත සෙබළකු වල් අලියා දැක අලියා ආවෝ කියමින් කෑ ගසා ගම්මුන්ට අනතුරු හඟවා ඇත.

පසුව අලියා ඔහු පසුපසද හඹා විත් ඇත. ආබාධිත සෙබළා සිය කමිසය ගලවා අලියා ඉදිරියට විසිකර දමා අනූ නවයෙන් පණ බේරාගෙන පලාගොස් ඇත.
පසුව කැලය මැද තුවාල ලබා සිටි ජයන්ති මහත්මිය ගම්වාසීන් විසින් බේරාගෙන අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇත. මේ දරුණු වල් අලියා ඊට පසු දින (10 දා) උදෑසනම ජයන්ති මහත්මියගේ නිවෙස ඉදිරිපිටට පැමිණ බොහෝ වේලාවක් රැකගෙන සිටි බවද ගම්මු පවසති.

Posted in:

0 comments for "වල් අලියා අරන් ගියා ඇය නොමරා දාල ගියා"

Leave a reply