ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මුස්‌ලිම් ජනතාවට එරෙහිව සිදුවෙමින් තිබෙන ප්‍රචණ්‌ඩත්වය නතර කරන


මුස්‌ලිම් ජනතාවට එරෙහිව සිදුවෙමින් තිබෙන ප්‍රචණ්‌ඩත්වය නතර කරන ලෙස රජයට බලකර කියා සිටින බව ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා 9 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.ස්‌ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කළ සම්පන්දන් මහතා මෙසේද කීය.
අද මුස්‌ලිම් ජනතාව හිරිහැරයට ලක්‌ව තිබෙනවා. සුළු ජනතාවක්‌ ලෙස ඔවුන්ට තිබෙන හිරිහැරය සහ එහි චෝදනාව අපිට දැනෙනවා. මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් වන්නේ සන්නද්ධ අරගලය කාලයේ පමණක්‌ නොවේ මේවා එකට බැඳී තිබෙන කරුණු. අපි එක භාෂාවක්‌ කතා කරන්නේ. ඒ බැඳීම කඩන්න බෑ.
මුස්‌ලිම් සහෝදරවරු හිරිහැරයට පත්වෙනවා නම් අපට එය නොසලකා හරින්න බෑ. සිංහල බෞද්ධ ජනතාව මීට එකඟ නොවන බව මා දන්නවා.

අනෙක්‌ අයගේ අයිතිවාසිකම්වලට ගරු කළ යුතුය. අප ඉල්ලා සිටින යුක්‌තිය, සංහිඳියාව නැවත නැවත සිහිපත් කළ යුතුයි. මෑතක සිදුවූ සිද්ධීන් අනුව පෙනී යනවා ආණ්‌ඩුව ඔවුන්ගේ වගකීම ඉටු කරන්නේ නැති බව.

Posted in:

0 comments for "මුස්‌ලිම් ජනතාවට එරෙහිව සිදුවෙමින් තිබෙන ප්‍රචණ්‌ඩත්වය නතර කරන "

Leave a reply