බලූ මල සිරුරක් පාර්සල් කර තෑගි එවලා
පොලිසිය පවසන අන්දමට සිද්ධිය මෙසේය. මීට දින තුනකට පමණ ඉහතදී සැකකරුගේ වෙළඳ සැල පිහිටි දිවුල්වැව හන්දියේදී ගලෙන්බිඳණුවැව නිවිලේකඩ මාර්ගයේ ධාවනය වන ලංගම බස් රථයට යටවී බල්ලෙකු මරණයට පත්වී ඇත.
සැකකාර වෙළඳසැල් හිමියා ලංගම රියදුරාට බල්ලා වළක් කපා වළ දමන ලෙස ඉල්ලීමක් කරත් එයට විරෝධය පා බස් රථය රැුගෙන එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත.
ඉන් කෝපයට පත් වෙළඳ සැල් හිමියා මැරී වැටී සිටි බල්ලා එම
ස්ථානයෙන් ඉවත් කරගෙන පාර්සලයක් ලෙස සකසා අනතුර සිදු කර බල්ලා මරණයට පත් කළ බස් රථය පැමිණෙන තුරු බලා සිට ඇත.
බස් රථය පැමිණෙද්දී බස් රථය නවතා සුනඛ මළකුණ සහිත පාර්සලය දීමට උත්සහ කළත් රියදුරා බස් රථය නොනවත්වා ධාවනය කර ඇත.
එම නිසා පිටුපසින් පැමිණි ලංගම බස් රථය නවතා සුනඛ මළකුණ සහිත පාර්සලය මීට පෙර ගිය ලංගම බස්රථයේ රියදුරාට ලබාදෙන ලෙස සැකකරු ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව එම රියදුරා පාර්සලය රැුගෙන ගොස් බස් රථ රියදුරාට ලබාදුන්නත් ඔහු එය භාරගැනීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා පාර්සලය බස් රථයේම තබා තිබී ඇති අතර පසුදින බස් රථය දුර්ගන්ධයෙන් පිරීයාම නිසා රියදුරා බස් රථය රැුගෙන ගලෙන්බිඳුණුවැව පොලිසියට ගොස් ඇත.
ගලෙන්බිඳුණුවැව පොලිසිය පාර්සලය ලිහා බලා පරීක්ෂණ ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
Posted in:
බලූ මල සිරුරක් පාර්සල් කර තෑගි එවලා
.jpg)
0 comments for "බලූ මල සිරුරක් පාර්සල් කර තෑගි එවලා"
Leave a reply