අපි පොලිසියෙන් කිවුවාට දොරවල් අරින්න එපා......, ජනේලයෙන් හැඳුනුම්පත ඉල්ලන්න
පොලිස් නිලධාරීන් ලෙස හඳුන්වා දෙමින් පොලිස් නිල ඇඳුමින් ද සැරසුණු පිරිස් පසුගිය කාලයේ කොල්ලකෑම් රැසක් සිදුකර ඇති බැවින් එය සැලකිල්ලට ගෙන පොලිස් මූලස්ථානය
මෙම ඉල්ලීම කරයි.
පොලිසියෙන් යැයි කී පලියට නිවෙස්වල දොරවල් විවර නො කර ජනේලයකින් වත් ඔවුන්ගෙන් පොලිස් හැඳුනුම්පත් ඉල්ලා සිටින ලෙසත් ළඟ ම ඇති පොලිසියට හෝ එම නිලධාරීන් පැමිණියේ යැයි සඳහන් පොලිසියට දුරකථනයෙන් කතා කොට ඒ අය පොලිස් නිලධාරීන්මදැයි තහවුරු කරගන්නා ලෙසත් පොලිස් මාධ්‍ය අංශය ද සඳහන් කළේ ය.

0 comments for "අපි පොලිසියෙන් කිවුවාට දොරවල් අරින්න එපා......, ජනේලයෙන් හැඳුනුම්පත ඉල්ලන්න"
Leave a reply