5 හැවිරිදි දැරියට අපචාරයක් කළ 13 හැවිරිදි ශිෂ්‍යයෙක්
පස් හැවිරිදි දැරියකට බලවත් ලිංගික අපචාරයක් කරන ලදැයි කියන 13 හැවිරිදි ශිෂ්‍යයකුව තෙබුවන පොලිසිය විසින් ඊයේ (28 දා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දැරියට සැකකාර ශිෂ්‍යයා දින තුනක් තිස්‌සේ ලිංගික අතවර කර ඇතැයි ද ඇයට අසනීප බව හඟවමින් හඬන විට මෙම කරුණු අනාවරණය වී ඇතැයි ද තෙබුවන පොලිසිය පවසයි.
තෙබුවන ක්‌ලෝඩන් වතුයායේ
ගල් කුලක් මතට මෙම දැරිය රවටාගෙන ගොස් මේ සැකකාර ශිෂ්‍යයා ඇයට මෙසේ ලිංගික අතවර කර ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම දැරියගේ මව නිවසක කෑම පිසීමට යන අතරතුරදී මෙම සිද්ධිය වී ඇතැයි ද පොලිසිය පවසයි.
දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර ශිෂ්‍යයා පිළිබඳව පරිවාස වාර්තා ලබාගෙන ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

0 comments for "5 හැවිරිදි දැරියට අපචාරයක් කළ 13 හැවිරිදි ශිෂ්‍යයෙක් "
Leave a reply