ප්‍රබල ඇමැතිවරුන් පිරිසක් එජාප සමඟ සාකච්ඡා කරනවා - තිස්‌ස අත්තනායක

රජයේ ප්‍රබල ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු පිරිසක් එක්‌සත් ජාතික පක්‍ෂයේ වේදිකාවට පැමිණීමට රහස් සාකච්ඡා පවත්වන බව එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා 30 දා අනාවරණය කළේය.
එම පිරිසගේ ආරක්‍ෂාව පිළිබඳව සිතා ඔවුන් කවුරුන්දැයි නම් වශයෙන් දැනට ප්‍රකාශ කළ නොහැකි බවත් අවශ්‍ය මොහොතේදී ඔවුන් ගැන ප්‍රකාශ කරන බවත් හෙතෙම කීය.
ප්‍රබල ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන මට්‌ටමේ අය ද මේ අතර සිටින බව හෙතෙම පැවසීය. රාජගිරියේ පිහිටි ජාතික
වතු සංගම් ශාලාවේදී 30 දා පැවැති මාධ්‍ය හමුවකදී එජාප මහ ලේකම්වරයා මේ බව කියා සිටියේය.
0 comments for "ප්‍රබල ඇමැතිවරුන් පිරිසක් එජාප සමඟ සාකච්ඡා කරනවා - තිස්‌ස අත්තනායක"
Leave a reply