අතුල-සමිතා ජනප‍්‍රිය සම්මානය ලබද්දී......සමිතා හඬමින් ඉකි ගසයි ‘අපි අතරෙ පුද්ගලික ප‍්‍රශ්න වෙනයි’ -අතුල කියයි

ඊයේ පැවති දෙරණ 2013 මියුසික් වීඩියෝ සම්මාන උළෙලේ උත්කර්ෂවත්ම අවස්ථාවේ පිරිනැමුණ වසරේ ජනප‍්‍රියතම මියුසික් වීඩියෝවට හිමි රන් සම්මානය ජයගත්තේ ‘ඉවසයිද මන්දා’ ගීතයයි.
කාලයක් එකට සිට වෙනත් විවාහ ජීවිත වලට ඇතුළුවූ අතුල සමිතා විසින් ගායනය කරන ලද එම ගීතයට සම්මාන ලබාගැනීමට දෙදෙනා පැමිණි ආකාරය සංවේදී අවස්ථාවක් වුණා.
පේ‍්‍රක්ෂකාගාරයේ අතුල සමග අමායා සිටියදී අමායා ළ`ගින්ම සිටියේ සමිතාය. සමිතාට පසුව අතුල-සමිතා දෙදෙනාගේ දියණිය සිටියා.
සම්මානය ලබාගැනීමෙන් පසුව සභාව අමතමින් ඔවුන් දෙදෙනාගේ බිඳවැටුණ සම්බන්ධය ගැනත් අතුල කථා කළා.
‘අපි අතරෙ පුද්ගලික ප‍්‍රශ්න වෙනයි...මේක අපේ වෘත්තිය..’ ඔහු කිව්වා.
සමිතා ඒ අවස්ථාවේ කතාබහ කළේ හඬමින් හැ`ගුම් බරවයි.
ඇය ලජ්ජාවෙන් බිම බලාගෙන කථා කිරීමත් විශේෂිතයි.
ඇය කියා සිටියේ,
‘ඇත්තටම අපි දෙන්නා එකට හිටිය කාලෙ අපට සම්මානයක් ලැබිලා නෑ..අපි දෙන්නා අයින් වුණාට පස්සෙ මේ ප‍්‍රථම සම්මානය.. මං ගොඩක් සතුටු වෙනවා අපි දෙන්නාගෙ රසික රසිකාවියො අදටත් අපිට ආදරය කරන එක ගැන..’ ඇයගේ කථාව අතරේ ඉකි ගැසුම් හඬද ඇසුණා.
තව දුරටත් මේ දෙදෙනා එක්ව ගීත ගායනා කරන බවද අතුල පසුව කිව්වා.

0 comments for "අතුල-සමිතා ජනප‍්‍රිය සම්මානය ලබද්දී......සමිතා හඬමින් ඉකි ගසයි ‘අපි අතරෙ පුද්ගලික ප‍්‍රශ්න වෙනයි’ -අතුල කියයි"
Leave a reply