ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

තහනම් ගබ්සා පෙති රැගෙන ආ ඉන්දියානුවා මාට්ටු


දරු ගැබක් විනාශ කිරීම සඳහා යොදාගත හැකි ගබ්සා ඖෂධ පෙති ලංකාවට රැුගෙන ඒම තහනම් කර තිබියදී ඒවා විශාල තොගයක් රැුගෙන කටුනායක ගුවන් තොටුපළෙන් ඇතුළුවන්නට හැදු ඉන්දියානු කාන්තාවක අල්ලාගන්නට ගුවන් තොටුපළ රේගුව කටයුතු කර තිබෙනවා.
ඇයගේ පාස්පොත පරීක්ෂා කිරීමේදී ලංකාව හා ඉන්දියාව අතර දිගු කලෙක සිට යාම් ඊම් කර ඇති බවත් මෙම ජාවාරම කාලයක සිට කරන්නට ඇති බවත් වාර්තා වුණා.
මෙම ගබ්සා පෙති ඇය ගණිකා වෘත්තිකයින්ට ලබාදෙන්නට ගෙන ආවාද නැති නම් වෙනත් නීතිවිරෝධී කටයුත්තකට පාවිච්චි කරන්නට
ගෙනාවාදැයි පරීක්ෂණ පැවැත්වෙනවා.
රේගුව පවසන්නේ මින් දින කිහිපයකට පෙර මානසික රෝගීන්ට ලබාදෙන තදබල සැර ඇති ඖෂධ වර්ගයක්ද අනවසරයෙන් ලංකාවට ගෙන්වූ පාකිස්තාන ජාතිකයෙකුද කොටුවූ බවයි.
විදේශිකයින් යොදවා මෙම ඖෂධ ගෙන්වීම් පසුපස එක්තරා ජාවාරමක් ඇති බවට සැකපළවී ඇති අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රුවන් පතිරණ මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ සිදු කෙරේ.


Posted in:

0 comments for "තහනම් ගබ්සා පෙති රැගෙන ආ ඉන්දියානුවා මාට්ටු"

Leave a reply