ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ධර්මසිරි මාලක නිදහස් වුණ හැටි අපි නං දන්නෙ නෑ -ඇමති අනුර ප‍්‍රියදර්ශන


පසුගිය සතියේ කහවත්ත මිනීමැරුම් නඩුවේ ප‍්‍රධාන සැකකරුවෙකු වූ ධර්මසිරිත් මේජර්වරයාට පහරදුන් සිද්ධියේ මාලක සිල්වාත් නීතිපති අණපරිදි නිදහස ලැබූ ආකාරය ගැන ජනතාව අතර සැකයක් මතුවුණා.
එම සැකය නම් මෙම තීරණ රජයේ බලපෑම මත නීතිපතිවරයා සිදු කරනලද ඒවා බවයි.
ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාව මෙහෙයවූ අනුර ප‍්‍රියදර්ශන යාපා ඇමති වරයාගෙන් මාධ්‍යවේදීන් මේ ගැන විමසුවා.
ඔහු එයට දුන් පිළිතුර පහත පරිදිය.
‘නෑ රජය පැත්තෙන් ඔය දෙකටම
කිසිම බලපෑමක් නෑ. අප හොඳින්ම දන්නවා සාමාන්‍යයෙන් නඩු කටයුත්තක් ආරම්භ වෙනකොට තමන්ට ලැබුණ සාක්ෂි ගැන පොලිසියට නීතිපති විමසන්න පුළුවන්.සමහර විට නීතිපති යෝජනා ගොනු කරනවා. මෙතැන්දි නීතිපති තමන් එළැඹුණ සාක්ෂි මත තමා තීරණ අරන් තියෙන්නෙ. නැතුව දේශපාලන බලපෑමක් නෑ.
කොටකෙතන නඩුවෙදිත් සමහර සැකකරුවො මින් පෙරත් ඇපදීල නිදහස් කරල තියනව. අපට කිසිම සැකකරුවෙකු හේතු විරහිතව නිදහස් කරන්න බලපෑම් කරන්න  ඕනකමක් නෑ. අධිකරණ ක‍්‍රියාමාර්ග ගැන නීතිපති දෙපාර්තමේන්තුව ගන්න තීරණ මේවා. 
ඒගැන අපි දන්නෙ නෑ.’

Posted in:

0 comments for "ධර්මසිරි මාලක නිදහස් වුණ හැටි අපි නං දන්නෙ නෑ -ඇමති අනුර ප‍්‍රියදර්ශන"

Leave a reply