ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සමලිංගික ඇසුරක් හේතුවෙන් පුල්මුඬේ ද්විත්ව ඝාතනයක්


පුල්මුඬේ මහසෙන්පුර ප‍්‍රදේශයේ පදිංචි යුවලක් කපාකොටා මරාදැමීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඝාතනයට ලක්වු යුවළගේ ගැහැණු දරුවන් දෙදෙනාද සැකකාරිය විසින් රැගෙන ගොස් සිටියදී සොයාගෙන තිබේ.
මොවුන් ජා-ඇල ප‍්‍රදේශයේදී පොලිසිය විසින් කොටුකරගෙන තිබිනි.
සැකකාර තරුණිය ඝාතනයට ලක්වු ගෙහිමියා සමග නිවසට නුදුරින් වන ලැහැබක මත්පැන් පානය කර ඇති අතර, පසුව පොරවකින් කොටා ඔහුව එම ස්ථානයේ දීම ඝාතනය කොට නිවසට පැමිණ ගෙහිමි කාන්තාවට ද පොරවකින් කොටා නිවස තුළදීම ඝාතනය කර ඇත.
මෙසේ ඝාතනයට ලක්වූයේ පුල්මුඩේ පොලිස් වසමට අයත් 5 කණුව මහසෙන්පුර ප්‍රදේශයේ පදිංචි එච්.එම්.සූරියබංඩාර (38) හා එස්.ජීවනී අනුරුද්ධිකා (36) නැමැති අඹු සැමි යුවළකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැක කරන සැකකාරිය එම ප්‍රදේශයේම පදිංචි
රූපිකා දමයන්ති නැමැති 20 හැවිරිදි තරුණියකි.
ඇය තරුණියක් වුවද, තරුණයකු ලෙස ලිංගික විපර්යාසයකට ලක්ව සිටි තැනැත්තියක් බවටද රාවයක් තිබේ.
ඇය මත්පැන් හා මත් ද්‍රව්‍යවලට මෙන්ම වෙනත් අයථා කටයුතුවලට වැඩි නැඹුරුවක් දක්වා ඇති අයකු බව ප්‍රදේශවාසීහු පවසති.
අදාළ සැකකාරිය ඝාතනයට ලක්වු අඹු සැමි යුවළගේ නිවසේ කාලයක සිට පදිංචිව සිට ඇති අතර, ඝාතනයට ලක්වු අඹු සැමි යුවලගේ 15 හැවිරිදි දියණිය සමඟ සමලිංගික ඇසුරක් පවත්වා ඇති බවට පොලිසියට කරුණු අනාවරණය වී තිබේ.
අඹු සැමි යුවළ ඝාතනය කිරීමෙන් පසු අදාළ තරුණිය ඝාතනය ලක්වු අඹුසැමි යුවළගේ දියණියන් දෙදෙනා වන 15 හැවිරිදි ඉමාලි ප්‍රියදර්ශනී හා 8 හැවිරිදි සෙව්වන්දි ප්‍රියදර්ශනී යන දෙදෙනා රැගෙන ප්‍රදේශයෙන් පලා ගිය බව සැකකාර තරුණියගේ මව පොලීසියට කියා තිබිනි.ඒ අනුව ඔවුන් කොටුකර ගැනීමට හැකිවී තිබිනි.

Posted in:

0 comments for " සමලිංගික ඇසුරක් හේතුවෙන් පුල්මුඬේ ද්විත්ව ඝාතනයක්"

Leave a reply