ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අධ්‍යාපනය බමුණු කුලයකට සීමා වෙමින් පවතිනවා


එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන සහ මුනිදාස වික‍්‍රමනායක යන මහත්වරුන් එදා තිබූ බමුණු කුලය බිඳ දැම්මා. නමුත් යළිත් එම බමුණු කුලය රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා දැයි සිතෙනවා. ඒ තරමට ම වරප‍්‍රසාද ලත් පන්තියකට පමණක් සීමා වූ අධ්‍යාපන ක‍්‍රමයක් ඇතිවෙමින් පවතිනවා. අධ්‍යාපනය යනු වරප‍්‍රසාදයක් නො වෙයි. අයිතියක්. ඒ අයිතිය අපේ දරුවාට ලබා දීම අපේ යුතුකමක් පමණක් නෙවෙයි වගකීමක්. නමුත් පවතින ක‍්‍රමවේදය තුළ එය ඉටුවෙනවාදැයි ප‍්‍රශ්නයක් තියෙනවා යැයි හොරණ ශ‍්‍රී.ල.නි.ප ප‍්‍රධාන සංවිධානය පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ පනස් වසරකට පෙර අභාවප‍්‍රාප්ත වූ හොරණ දේශපාලනයේ නියුමුවකු වූ මුනිදාස වික‍්‍රමනායක ශිෂ්‍ය අරමුදලින් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ අවස්ථාවක් අමතිමිනි.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන්
පැවැත්වූ මෙම උත්සවය ඇමතූ විදුර වික‍්‍රමනායක මහතා මෙසේ ද පැවැසීය.

‘‘පසුගිය කාලය තුළ හොරණ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉතා ඛේදජනක සිදුවීම් කිහිපයක් සිදුවුණා. කුමන හේතුවක් නිසා හෝ එම සිදුවීම් මාධ්‍ය තුළින් සහ යම් යම් දේශපාලන අංශ මඟින් හුවා දක්වනු ලැබුවා. ඒ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි නැහැ. එකක් තමයි පොල් ගෙඩි 8ක් අහුලාගත් දැරිය පිළිබඳ ප‍්‍රශ්නය.

මගේ කෙටි දේශපාලන ජීවිතය තුළ මෙය ඉතා සංවේදී සිදුවීමක්. අවංකව ම අපට හිතෙනවා මෙවැනි තත්ත්වයන් තුළ ඇයි අපි දේශපාලනයේ රැඳී සිටින්නේ කියා? අපේ රටේ දරුවන්ට අපි මොරගා, හඬගා කියන නිදහස් අධ්‍යාපනය, නිදහස් ලෙස කරගෙන යෑමේ නිදහස දරුවා හට ලබාදෙන්න අපට නො හැකි නම් මොකක්ද අපි කරන දේශපාලනය’’

Posted in:

0 comments for "අධ්‍යාපනය බමුණු කුලයකට සීමා වෙමින් පවතිනවා"

Leave a reply