ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

යුරේනි සෙරෙප්පු විකුනයි


ශ්‍රී ලංකාවේ fashion industry ට වෙනස් විදිහකට ඇතුලත් වෙන්න ඕන වෙලා යුරේනිට...ඒකයි බාහිරින් පැලදුමක් ඉදිරිපත් කරන්න හිතලා තියෙන්නේ..

ජනපි‍්‍රය ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක්, ගුවන් සේවිකාවක් හා නිවේදිකාවක්ද වන යුරේනි නොෂිකා ඇගේ නවතම පාවහන් එකතුව ‍  Y.N. Collection ලෙස තමයි නම් කරල තියෙන්නේ..

මේ slipper collection එක පහුගියදා දෙහිවල  dilgence හීදී පැවැති  පුංචි  උත්සවයකින්  lounch කළා.. මේකට ලොකු ලොකු අමුත්තො කවුරුවත් ආරාධනා ලැබුවේ නෑ.. යුරේනිගේ fans ල තමයි ආවේ..

මේ පාවහන් වෙළදාම පිළිබඳ අදහස් දක්වන යුරේනි පවසන්නේ
මම මගේ රසිකයින්ට සාමාන්‍ය මිලකට ඉහළ නිමාවෙන් යුතු නිෂ්පාදන ලබා දෙන බවයි. එමෙන්ම මෙම ‍Y.N Collection හි පාවහන් දෙපතුලට ආරක්ෂාකාරි ලෙස නිමවා ඇති ඇති බව කියන යුරේනි මේ සඳහා අන්තර්ජාතික වශයෙන්ද රුචිකත්වයක් ඇති වනු ඇතැයි කියනවා.

එමෙන්ම තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රිය සිංහල අක්ෂර වලින් යුතු වැකි වලින් මෙම පාවහන් සරසවා ඇත්තේ  ' පට්ට පට පට, ලොකු සීන් එපා, හැබැයි දයියා, මම හොට් ද?' ආදි වශයෙන්.

යුරේනි ඇගේFB පිටුව හරහා පාවන් අලුත්ම එකතූන් පිළිබඳ ඇගේ ලෝලීහු දැනුවත් කරන බවත් ඇගේ මෙම පාවහන් එකතුවේ ඡායාරූප මාධ්‍ය මගින් පළකර ඒ සදහා ප්‍රචාරයක් ලබා දෙන බවත් ඒ වෙනුවෙන් මාධ්‍ය වෙතද විශේෂ ස්තූතියක් හිමිවිය යුතු බවද පැවසුවා.






Posted in:

0 comments for "යුරේනි සෙරෙප්පු විකුනයි"

Leave a reply