කලාකරුවෝ අවස්ථාවාදියෝ - නොමිලේ දුන් ඉඩම් පවා විකුණනවා
ඇතැම් කලාකරුවන්ට නොමිලයේ ලබා දුන් ඉඩම් ඔවුන් විසින් අලෙවි කිරීමට පියවර ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ඔහු කියයි.
මෙරටුව සොයිසා පුර නිවාස යෝජනා ක්‍රමයේ නිවාස ලබාදුන් බවත් එසේම කලාපුරයේ සින්නක්කර ඔප්පු සහිත ඉඩම් දුන් බවත් එසේ ලබාදුන් ඉඩම් 3ක් විකිණීමට යන බවට තමාට තොරතුරු වාර්තා වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි.
සින්නක්කර ඔප්පු ලබාදුන් විට ඒවායේ වටිනාකමට සරිලන මුදලක් ගෙවිය යුතු නමුත් ශතයක්වත් අය නොකර ලබාදුන් ඉඩම් 3ක් එලෙස විකිණීමට යන බවට තමාට තොරතුරු ලැබුණු බව ඔහු කියයි.
අපේකම මතුකරන්න, අපේකම් ලෝකයට ගෙනියන්න ඉන්නේ
කලාකරුවෝ බවත් ගමේ කලාකරුවන්ට අතදෙන්න කවුරුත් නැති බවත් ඔහු සඳහන් කරයි.
නගරබද කලාකරුවන්ට වඩා ග්‍රාමීය කලාකරුවන් ඉලක්ක කර ගනිමින් සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව ටි.බී ඒකනායක අමාත්‍යවරයා පෙන්වාදෙයි. අඹන්පොළ දී පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ අදහස් දැක්වීය.

0 comments for "කලාකරුවෝ අවස්ථාවාදියෝ - නොමිලේ දුන් ඉඩම් පවා විකුණනවා"
Leave a reply