යාපනය නාගදීපයේ පිහිටි කෝවිලක දිව කපා තුවාල කරගත් පුද්ගලයෙක් කලබලකාරි
ලෙස හැසිරෙද්දී බැතිමතුන් හා අසල්වැසියන් විසින් අල්ලා ගෙන ප්‍රතිකාර සඳහා
රෝහල්ගත කර ඇත. නාගදීපයේ පිහිටි ‘නාගපුෂයි’ අම්මාන් කෝවිලේ දී 08දා පෙරවරු
9.30 ට පමණ මෙම කලබගෑනිය සිදු වී ඇති අතර පිහියකින් දිව කපාගත් පුද්ගලයා
මුඛයෙන් ලේ වගුරවමින් කෝවිලේ ආගමික වතාවත් කෙරෙන කොටසට ඇතුළු වී තිබේ. එම
ස්ථානයේ ද රුධිරය වැගිරීම නිසා බැතිමතුන්ද කලබලයට පත් වී ඇති අතර එදින ම
රාත්‍රියේ කෝවිලේ විශේෂ ශාන්ති කර්මයක්ද පවත්වා ඇත. තුවාලකරු මඩකලපුවේ
සිටපැමිණ
කෝවිලේ ඉදිකිරීම් කටයුතු කළ පෙදරේකුවකු බව කෝවිල් භාරකාර මණ්ඩලය කියයි. තුවාලකරුගේ දිව බරපතල ලෙස තුවාල වී ඇතැයි ද කියති.
0 comments for "නාගදීපයේ කෝවිලක දිව කපා තුවාල කරගත් පුද්ගලයෙක් "
Leave a reply