තිස්සමහාරාමයේ අරක්කු තැබෑරුම් අසළ දිග පෝලිම් ,බිත්තර හා කුකුළු තොග ලොරි රැසක් කතරගම ප්‍රදේශයට
රුහුණු කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍යට සහභාගි වීමටත් පවතින නිවාඩුව ගත කිරීම පිණිසත් මේවන විට දහස් ගණන් පිරිසක් කතරගම ප්‍රදේශයේ ඇති රජයේ හා පෞද්ගලික ස්ථානයන් හි පිහිටි නිවාඩු නිකේතන, විශ්‍රාමශාලා සියල්ලම කල්තියා වෙන් කරගෙන ඇතැයි විශ්‍රාම ශාලා හිමියන් පවසති. මෙවර කතරගම අවුරුදු නිවාඩුව සැමරීම සඳහා ලක්ෂ හතක් පමණ ජනකායක් පැමිණීමට හැකි බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි. මේ වන විට කතරගම ප්‍රදේශයේ නිවාඩු නිකේතන රැසක්, කුකුළු මස් හා බිත්තර කල් තියා මිළ දී ගෙන ගිය බව වෙළඳුන් පවසයි. මේ වන විට බිත්තර හා කුකුළු තොග ලොරි රැසක් කතරගම ප්‍රදේශයට පැමිණ
වෙළඳසැල් සඳහා විකුණා ඇති අතර පැමිණෙන දහස් සංඛ්‍යාත පිරිස් සඳහා අවශ්‍ය මස් බිත්තර සෑම වසරකදීම දීමට නොහැකි පරිදි අවසන් වීම සිදුවන නිසා මෙවර වැඩිපුර මස්, මාලු, බිත්තර කල්තියා හෝටල් සඳහා රැගෙන යෑම විශේෂ සිද්ධියකි. මෙයට අමතරව තිස්සමහාරාමයේ අරක්කු තැබෑරුම් අසළ දිග පෝලිම් සෑදී අරක්කු මිල දී ගනු ලබන පරිස් විශාල ලෙස දැකිය හැකිය. යාල, බූන්දල ඇතුළු සංචාරක ස්ථාන නැරඹීමට මෙවර විශාල ලෙස පැමිණීමට සූදානම් ව ඇතැයි උව පළාත් වනජීවි සහකාර අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා පවසයි.

Posted in:
තිස්සමහාරාමයේ අරක්කු තැබෑරුම් අසළ දිග පෝලිම්

0 comments for "තිස්සමහාරාමයේ අරක්කු තැබෑරුම් අසළ දිග පෝලිම් ,බිත්තර හා කුකුළු තොග ලොරි රැසක් කතරගම ප්‍රදේශයට"
Leave a reply