ප‍්‍රීටිගෙන් ඔත්තුවක් !
ගිය ඉරිදා සැන්දෑවේ ප‍්‍රීටි සින්ටා ගුවන් තොටුපළට ගමන්
කළේ පන්ජාබ් ප‍්‍රාන්තයට ගුවනින් යන්නයි. ගුවන් යානය පිටත්
වන්නට නියමිත වේලාව ළං වෙද්දී ඇය ගුවන් තොටුපළ වෙත
මෝටර් රථයෙන් ළ`ගා වුණා. ඒ අතරේදී ඇය දුටුවා එක්තරා
පුද්ගලයෙකු පාර හරහා මාරුවන අයුරු. ඒ සමගම පැමිණියේ
ගිලන් රථයක්. පාර මාරුවන පුද්ගලයා ගැන නොතැකූ එය,
ඔහුද යට කරගෙන ඉදිරියට ගමන් කළා. ප‍්‍රීටි තම මෝටර්
රථයේ සිට මේ අනතුර හොඳින්ම දුටුවා. ගිලන් රථය
නැවැත්තුවේ නැහැ. එය දිගටම ධාවනය කළා.
ගුවන්තොටුපළට යන ගමන මඳකට අමතක කළ ප‍්‍රීටි තම
රියැදුරාට කීවේ ගිලන් රථය ලූබු බඳින ලෙසයි. ඔහු, ප‍්‍රීටිගේ
කීම අනුව එලෙස වේගයෙන් මෝටර් රථය ධාවනය කළත්
ගිලන් රථය අල්ලා ගන්න හැකි වුණේ නැහැ. ඒ වුණත් එහි
අංකය සටහන් කරගත් ප‍්‍රීටි, වහාම තම ලැප්ටොප්
පරිගණකයෙන් ට්විටර් පිටුවට සම්බන්ධ වී මේ අනතුර සටහන්
කළා. ගිලන් රථයේ අංකය වූ MH 04 FP 1634
සටහන් කර
එය අල්ලා ගන්නැයි
තම ට්විටර් පිටුව කියවන අතිවිශාල
පිරිසට දැනුම් දුන්නා.
ප‍්‍රීටිගේ මේ දැනුම් දීම සාර්ථක වේවි කියලයි බොහෝ දෙනෙකු
විශ්වාස පළ කළේ.
0 comments for "ප‍්‍රීටිගෙන් ඔත්තුවක් !"
Leave a reply