ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මීළ`ග නායකයා සමුගනියි?


නෙදර්ලන්තයෙන් බිහි වූ සුපිරි පිතිකරුවකු ලෙසට සැලකෙන
අලෙක්සී කර්විසි අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට
තීරණය කර තිබෙනවා. ඔහු තම ඉදිරි කාලය කැප කිරීමට තීරණය
කර ඇත්තේ වොරිස්ටර්ෂයර් ප‍්‍රාන්තය වෙනුවෙන් ක‍්‍රීඩා කිරීම සඳහායි.
තවමත් 23 හැවිරිදි වියේ පසුවන ඇලෙක්සි මේ දක්වා එක්දින ජාත්‍යන්තර
ක‍්‍රිකට් තරග 39 කට නෙදර්ලන්තය වෙනුවෙන් ක‍්‍රීඩා කර තිබෙනවා. එහිදී
ඔහු රැුස් කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 92ක්. එසෙම ඔහු තම රට
වෙනුවෙන් ඔ20 ක‍්‍රිකට් තරග 10කටද සහභාගී වී තිබෙනවා. වොරිස්ටර්ෂයර්
පිල වෙනුවෙන් පළමු පෙළ තරග සඳහා සහභාගී වන ඇලෙක්ස් තරග
49ක් ක‍්‍රීඩා කර තිබෙනවා. එහිදී ඔහු රැුස් කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව
155ක්.
‘මේ තීරණය ගන්නට
පෙර මම මාස කිහිපයක්ම ඒ ගැන කල්පනා කලා.
ඒක ටිකක් අමාරුයි තමයි. ඒත් මගේ අනාගත අරමුණ වෙනුවෙන් මා
මේ මාර්ගයේ යා යුතුමයි’ තම තීරණය පිළිබඳව අදහස් දක්වා ඇති
ඇලෙක්සි එසේ පවසා තිබුණා.
කෙසේ වෙතත් ඇලෙක්සිගේ මෙම තීරණය පිලිබඳව නෙදර්ලන්ත
ක‍්‍රිකට් තේරීම් කමිටුව තම කණගාටුව පලකර තිබෙනවා ‘ඒක
අවාසනාවන්ත වගේම මෝඩ තීරණයක්. ඔහු අපේ ජාතික
කණ්ඩායමට සිටින දක්‍ෂ පිතිකරුවෙක්. ඒ වගේම යම් දිනයක
කණ්ඩායමේ නායකත්වය පවා ඔහුට හිමි වෙන්නට ඉඩ තිබුණා’
නෙදර්ලන්ත ක‍්‍රිකට් පාලක මණ්ඩල ප‍්‍රකාශකයෙක් අලෙක්සිගේ තීරණය
පිළිබඳව එසේ පවසා තිබුණා.

Posted in:

0 comments for "මීළ`ග නායකයා සමුගනියි?"

Leave a reply