ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අමතක වෙන්නෙම නෑ ‘‘දෑස නිසා’’ චිත‍්‍රපටයේ චරිතය - ශ‍්‍රියානි අමරසේන


කලාවට ඇති ලැදියාව මෙන්ම සහජ
දක්‍ෂතාව නිසාවෙන් පාසල් වේදිකාව මත
ගායනයෙන්, රංගනයෙන් හපන්කම් පෑ
ඇය මුල්වරට කලා ලොවට පා තබන්නේ
නරි බෑනා වේදිකා නාට්‍ය හරහායි. මද
කලකට රංගනයෙන් ඉවත්ව සිටියත්
කලාවට ඇති සිත නිසාම ඇයට ගො`එ
හදවතේ චම්පා බවට පත් විමට
අවස්ථාව ලැබෙනවා. එදා මෙදා තුර
ලාංකේය සිනමා කලාවේ උන්නතිය
වෙනුවෙන් දායකත්වය සපයන මෙම කලා
ශිල්පිනිය ශ‍්‍රියානි අමරසේන කලාකාරිනියයි.
තම සිනමා දිවියේ රංගන දායකත්වය
සැපයූ සිනමාපට සියයකට වැඩි ගණනක්
අතරින් තම සිත්ගත් චරිත තුන පිළිබඳව
ශ‍්‍රියානි මෙසේ අදහස් දැක්වූවා.

ලෙස්ටර් ජෙම්ස් පීරිස් අපේ මහා සිනමාකරුවාගේ දෑස

නිසා සිනමාපටයේ සුන්දරී ලෙස මා රංගන දායකත්වය
සැපයූ ඒ චරිතය කිසි දිනෙක මගේ මතකයෙන්
ගිලිහෙන්නේ නැහැ. එයට හේතු වූ කාරණා

බොහොමයක් තියෙනවා. මෙම සිනමාපටය අන්ධ
තරුණියකගේ ජීවිතය වටා ගෙතුණක් එහි එන අන්ධ
තරුණිය මායි. අන්ද වුවත් ඉතා සුන්දර රූ සපුවකින්
හෙබි මෙම සුන්දරී තම ජීවිකාව සපයා ගන්නේ මල්
විකුණලා. ඇගේ චරිත ස්වභාවය, කතා කරන්නේ
කෙසේද, ඇසිපිය හෙලන්නේ කොහොමද, මුහුණෙහි
හැ`ගීම් පල කරන්නේ කොහොමද, කියන අභියෝගයට
මේ චරිත නිරූපණයේදී මා මුහුණ දුන්නා. දෙඇස්
පෙනෙන කෙනෙක් නොපෙනෙන කෙනෙකුගේ චරිත
ස්වභාව හැසිරීම් මෙන්ම බාහිර සබඳතා ගොඩනගා
ගන්නා ආකාරය අධ්‍යයනය කර චරිතයට ප‍්‍රවේශ වූ
නිසා මට චරිතයට සාධාරණත්වයක් ඉටු
කිරීමට හැකියාව ලැබුණා. මේ චිත‍්‍රපටයේ
රූගත කිරීම් සිදු කරේ ගල්ගමුව ඇහැටු
වැව කියන ශුෂ්ක ප‍්‍රදේශයේ. හරිම
සුන්දර කඳු, ගල් ගුහා, වැව් ආශ‍්‍රිත
චිත‍්‍රපටයේ කතාවට ඉතාම ගැලපෙන
පරිසරයක රූගත කිරීම් සිදු කිරීමත්
මගේ මතකයේ තැන්පත් වී ඇති
සුන්දර මතකයක්.


මෙහි (නිරුදක) ජෝ අබේවික‍්‍රම
මගේ සැමියා ලෙස ර`ගපාන ඔහු
විරූපියෙක්. රවීන්ද්‍ර රන්දෙනිය
තාපසයකුගේ චරිතය ර`ගපානවා.
අන්ධ බිරිඳගේ දෑස් පෑදීමට ඉතා
අකමැත්තෙන් වුවත් තාපසතුමා
වෙතම යාමට නිරුදකට සිදු වෙනවා. ඒ
සිදුවීමෙන් පසුව තාපසතුමා මෙම අන්ධ
සුන්දර තරුණිය පිළිබඳව සිත්
පහළකරගෙන ඇය ලබා ගැනීමට ගන්නා
උත්සහය තුළ නිරුදක මෙන්ම අන්ධ තරුණිය විඳින
ගැහැට මේ චිත‍්‍රපටය පුරාවට දිගහැරෙනවා. අවසානයේ
දෑස ලබන තරුණිය විරූපි සැමියා අතහැර
පෞර්ෂ සම්පන්න තාපසා වෙත යනවාද නැද්ද යන්න
දෙගිඩියාවෙන් පසුව ඇය තම සැමියා වෙතට යන මේ
බිරිඳ මනුෂත්වයේ වටිනාකම පිළිබඳව කාන්තාවක
ලෙසින් සමාජයට යම් පණිවිඩයක් ලබා දෙනවා.
මේ අභියෝගාත්මක චරිත නිරූපණය නිසා ඒ කාලයේ
චිචාරක පැසසුමට මා ලක් වුණා අදටත් එම චරිත
නිරූපණය සිහිවන විට සතුටක් ඇති වෙනවා මට.
මා සිත්ගත් දෙවැනි චරිතය ලෙස මට මේ
අවස්ථාවේ සිහිපත් වෙන්නේ මා නිෂ්පාදනය කළ
ටෝනි රණසිංහයන් පිටපත රචනා කළ, සුදත්
දේවප‍්‍රිය අධ්‍යක්‍ෂණය කළ තරණය සිනමාපටයේ මා

නිරූපණය කළ මිසිනෝනා චරිතයයි.
මේ චරිතය මීගමු වෙරළ තීරයේ ජීවත්වන ජීවිතය
දෙස වෙනස් දෘෂ්ඨියකින් බලන ගැහැණියකගේ
චරිතයක්. මා ර`ග පෑ චරිත අතර මෙම චරිතයත් මට
යම් අභියෝගයක් වූවක්. මොකද මෙහි කතා විලාශය,
ගමන, ඇඳුම ආදිය වෙනස්. පරිසරයත් අපට එතරම්
හුරු පුරුදු නැහැ. ඒ නමුත් මා ගොඩක් ආශාවෙන්
මෙම චරුතයට ප‍්‍රවේශ වුණා.
මෙහි සයිමන් මුදලාලිගේ අනියම් බිරිඳ ලෙස ජීවත්වන
මිසිනෝනා. ඔහුගේ නොමද ආදරයට මෙන්ම
අනුකම්පාවට පාත‍්‍ර වී ඇත්තියක්. නමුත් මිසිනෝනාට
අවශ්‍ය වන්නේ යහපත් පවුල් ජිවිතයක් ගත කරමින්
දරු මල්ලන් ලැබීම මිස ඒ ආදරය හෝ අනුකම්පාව
නොවෙයි. මේ අතර ඒ ප‍්‍රදේශයට එන කොච්චි
ජාතිකයෙකු හා හාදවන මිසිනෝනා ඔහු හා පලා ගොස්
සතුටින් ජීවත් වීමට උත්සහ දරනවා. ඇය
දරුප‍්‍රසූතියට සූදානම් වන අවස්ථාවේ සයිමන් මුදලාලි
ඇයගේ සැමියා මරා දමනවා. මෙයින් අනතුරුවයි මිසි
නෝනාගේ උසස්ම රංගනය ආරම්භ වන්නේ දරු
දෙදෙනා සමග ජීවිතය ගොඩනගා ගැනීම වෙනුවෙන්
පාරු පදින ඇයට දරු දෙදෙනා රැුක ගැනීමට
නොහැකි වීමෙන් ඔවුන් පල්ලිය වෙත භාර කිරීමට සිදු
වෙනවා. ඇය දරු දුක විඳ ගැනීමට දරන උත්සහය
මෙම චරිතයෙන් ඉතා හොඳින් මතු කිරීමට මට
හැකියාව ලැබුණා කියලා මට හිතෙනවා. මෙය
සමාජයේ අපට බෙහෙවින්ම දකින්නට ලැබෙන
අනුවේදනීය චරිතයක්. මෙහි චරිත
නිරූපණය වෙනුවෙන් විචාරක පැසසුමට
ලක් වීමටත් සම්මානයට පාත‍්‍ර වීමටත්
මට අවස්ථාව ලැබුණා.


ඉතින් මම මා සිත්ගත් තුන්වන
චරිතය විදිහට නම් කරන්නේ
විරාගයේ මා නිරූපණය කරපු
සරෝජිනිගේ චරිතය. පාසල් යන
කාලේ පටන් විරාගය කියවලා
තියෙන නිසා මෙම කතාව අප
හොඳින් දන්නා කතාවක්. ඒ අවධියේ
සරෝජිනි කියන චරිතය කෙතරම්
හිත ශක්තිමත් කාන්තා චරිතයක්ද
කියලා මට සිතුණා. නමුත් තිස්ස
අබේසේකරයන් ඒ චරිතය සඳහාම මට
ආරාධනා කරපු එක මගේ ජීවිතයේ
සංදිස්ථානයක්.
මෙහි රූගත කිරීම් ගාල්ල ප‍්‍රදේශයේ සිදු කෙරුණේ.
අරවින්දට ආදරය කළත් මට විවාහ වෙන්න සිදු වුණේ
වෙනත් අයෙක් සමග ඒ ආදරය සිත්හි දරාගෙන පවුල්
ජීවිතය ගෙනයන මේ චරිතය සමාජයට විශේෂයෙන්ම
අද තරුණියන්ට ආදර්ශයක් කියලා මම හිතනවා
නිර්භීත කාන්තාවක් ලෙස ඇය සතු ආත්ම ශක්තිය මේ
චරිතයේදී වඩාත් ස්මතු කිරීමට මට සිදු වුවා. මෙවන්
චරිත අතීතයේදීත් වර්තමානයේදීත් අනාගතයේදීත් අඩු
වැඩි වශයෙන් අපට දැක ගන්න පු`එවන් මේ සමාජ
ක‍්‍රමය තුළ. ඉතින් මා රග පෑ චරිත අතරින් සුවිශේෂි
චරිත වෙන්කර ගැනීම වඩාත් අසීරු වුවත් ඉහත කී
චරිත මගේ මතකයේ තදින් බැඳී තිබෙන චරිත කියලා
හඳුන්වන්න පු`එවන්.

සටහනඃ ජයනි මධුෂිකා වලතර




Posted in:

0 comments for "අමතක වෙන්නෙම නෑ ‘‘දෑස නිසා’’ චිත‍්‍රපටයේ චරිතය - ශ‍්‍රියානි අමරසේන"

Leave a reply