පෙමට බාධා කළ නිසා පෙම්වතාට කියා මව පියා මැරවූ සිසු දියණිය
මියගිය ව්‍යාපාරිකයාගේ පියා යාබද නිවසේ පදිංචිව සිටින අතර එදා රාත‍්‍රි මිනිපිරිය කෑගසමින් හඬන ශබ්දය ඇසී ඔහු ඒ ගැන සොයා බැලීමට පැමිණි අවස්ථාවේ මේ ද්විත්ව ඝාතනය දැක ගත්තා. මෙම මිනීමැරුමට නිවසේ හඬමින් සිටි දියණිය වගකිව යුතු යයි මුලදී කිසිවෙකු නොසිතුවද ඇය කාලයක් තිස්සේ සැලසුම් කර සිදු කරන ලද ද්විත්ව මිනීමැරුමක් බව පොලිසිය දැන් සොයාගෙන තිබෙනවා.
එදා රාත‍්‍රියේ
ඝාතනයට ලක්වූයේ චෙන්කලඩි නගරයේ ‘විප‍්‍රා’ නමින් තෑගි භාණ්ඩ අලෙවි සලක් පවත්වාගෙන ගිය ධනවත් ව්‍යාපාරිකයකු වූ 48 හැවිරිදි සිවගුරු රගූ සහ ඔහුගේ බිරිඳ වූ 41 හැවිරිදි සුන්දරමූර්ති විප‍්‍රා යන අයයි.
මුලදී ඝාතකයන් සෙවීම සඳහා පොලිස් නිල සුනඛයන් යෙදවූ අතර ඇ`ගිලි සලකුණු පරීක්ෂාවට පොලිස් කණ්ඩායමක්ද යෙදවුණා. ඝාතකයාගේ නිවසේ සිට මිරිස් කුඩු වැටී තිබුණ ස්ථාන ගැනද පොලිසියේ අවධානය යොමුවී තිබුණා.
ඝාතකයන් නිවසේ තිබූ වටිනා දේපළ කිසිවක් කොල්ලකාගෙන ගොස් නොමැති නිසාත් ඔහු සතුරන් කිසිවෙකු නැති දැහැමි පුද්ගලයෙකුවූ නිසාත් මෙම ද්විත්ව ඝාතනය කුමන හේතුවක් මත සිදු කළේ ද යන්න මුලදී පොලිසියට සිතාගන්නට බැරි වුණා.සිවගුරු රගූ දියණියන් දෙදෙනකුගේ පියෙකි. ඔහුගේ 73 හැවිරිදි පියා විශ‍්‍රාමික විදුහල්පතිවරයෙකි. රගූගේ වැඩිමල් දියණිය සීයා සහ ආච්චි සමග යාබද නිවසේ සිටින අතර බාල දියණිය මව හා පියා සමග ඝාතනය සිදුවූ නිවසේ ජීවත් වී ඇත.
මෙම ද්විත්ව ඝාතනය සිදුවූ දිනට පෙර දින සවස රගූ සිය බිරිඳ දියණියන් දෙදෙනා සහ නැන්දණිය සමග චෙන්කලඩි නගරයේ සාප්පු සවාරි ගොස් තිබේ. ඒ දින කීපයකින් උදාවන අලූත් අවුරුද්ද වෙනුවෙන් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම සඳහාය.
එදින රාත‍්‍රි නිවසට පැමිණි රගූ සිය බිරිඳ සහ දියණිය සමග රාත‍්‍රි ආහාර ගෙන ඇත්තේ පියාගේ නිවසිනි. රාත‍්‍රි ආහාර ගත් පසු රගූ සහ බිරිඳ රාත‍්‍රි 9.30 ට පමණ නින්දට ගොස් ඇත. ඒ අවස්ථාවේ නිවස තුළ සැ`ගවී සිටි සාහසිකයන් රගූ සහ ඔහුගේ බිරිඳ කපා කොටා ඝාතනය කරන්නට ඇති බව අනාවරණය වුණා.සහසිකයන් නිවසට ඇතුළුවී සිය ඉලක්කය සපුරා ගැනීම සඳහා ටික වේලාවක් එහි සැ`ගවී සිටින්නට ඇති බවට පොලිසිය සැක කරා.
සාහසිකයන් නිවස පිටුපස දොරටුවෙන් පලාගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වුණා.ඝාතනයට ලක්වූ රගූගේ බිරිඳ විප‍්‍රාගේ දෑතේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා වළලූ විශාල ප‍්‍රමාණයක් තිබූ නමුත් ඝාතකයා ඒ කිසිවක් රැුගෙන ගොස් තිබුනේද නැත.
ඝාතනයට ලක්වූ රගූ ගේ සිරුර කාමරයක බිම වැටී තිබූ අතර විප‍්‍රාගේ සිරුර ඇදමත තිබී ඇත.
නිවසේ සිටි 16 හැවිරිදි දියණිය හඬන ශබ්දය ඇසී රගූගේ පියා ඒ පිළිබඳව විමසිලිමත් වී ඇත. එහිදී තම පුත‍්‍රයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කර සිටිනු දැක ඒ පිළිබඳව අසල්වාසීන්ටද දැනුම් දී තිබුණා.
‘මං මොකවත් දන්නෑ..කවුද ඇවිත් අම්මයි තාත්තයි මරල දාලා ගිහින්..’ හඬමින් සිටි දියණිය කෑ ගසමින් කිව්වා.
පොලිසිය සිදු කළ පරීක්ෂණ වලදී මේ දියණියගේ හැසිරීමේ අමුත්තක් ඇති බව පෙනී ගියා. ඇය ඝාතනය සිදුවූ දිනයේ සිදුවීම් අවස්ථා කිහිපයකදී පරස්පර ලෙස පැවසීමත් සැකයට හේතු වුණා. ඇයගේ පෙම් හුටපටයකට දෙමාපියන් තදින් විරුද්ධවූ සිද්ධියක් ගැන පසුව පොලිසියට ආරංචි වුණා. ව්‍යාපාරික රගු මෙම පේ‍්‍රමයට විරුද්ධවී පෙම්වතාට පහරදීමේ සිද්ධියකින් පසු දියණිය දෙමාපියන් සමග උරණවී සිටි බවද සැලවුණා.
පොලිසිය සැකකටයුතු දියණිය දිගින් දිගටම ප‍්‍රශ්න කර අවසානයේ මිනීමැරුම ගැන සියල්ල අනාවරණය කරගත්තා.
ඇය පවසා තිබෙන්නේ මෙම මිනීමැරුම් සිදු කළේ තමාත් පෙම්වතාත් අතර තිබෙන සම්බන්ධයට දෙමාපියන්ගෙන් එල්ලවන බාධා නිසා බවයි.
මාසයක සිට සැලසුම් කළ ද්විත්ව ඝාතනයට පාසල් වයසේ පෙම්වතා සහ ඔහුගේ පාසල් මිතුරන් දෙදෙනෙකුද හවුල්වූ බව ඇය පාපොච්චාරණය කළා.
තමාට පෙම්වතා සමග දැඩි සම්බන්ධයක් පැවති බවත් ඔහු රාත‍්‍රි කාලයට නිවසේ කාමරයකට ජනේලයෙන් ගෙන්වාගැනීමේ පුරුද්දක් තිබුණ බවත් මේ ගැන ආරංචිවී දිනක් තම පියා කාමරය ළ`ග රැුක සිට පෙම්වතාව හසුකරගෙන පහරදුන් බවත් ඇය කිව්වා. මේ සිද්ධියෙන් පසු ඔහුට මෙහි ඒම තහනම් කිරීම නිසා තමාත් පෙම්වතාත් දැඩි වෛරයකින් පසුවූ බවත් දෙමාපියන්ගේ බාධාව නැති කරන්නට නම් ඔවුන් මරාදැමිය යුතු යයි අවසානයේ දෙදෙනා කල්පණා කළ බවත් ඇය පාපොච්චාරණය කළා.
මේ සඳහා මුලින්ම ඔවුන් සැලසුම් කර ඇත්තේ දෙමාපියන් වසදී මරාදමන්නටයි. ඒ සඳහා නිදිපෙති මිලට ගැනීමට එරාවුර් නගරයේ ෆාමසිවලට අවස්ථා කිහිපයකදී ගිය බවත් එක් නමකට එකවර නිකුත් කරන්නේ සීමිත පෙති ගණනක් නිසා මිතුරන් දෙදෙනා සමග හතරදෙනාම එක්වී පෙති මිලට ගත් බවත් ඇය පැවසුවා.
මිලට ගත් නිදි පෙති රාත‍්‍රී කෑම වේල් කිහිපයකටම රහසේම එක්කරන ලද නමුත් එම අවස්ථා වලදී කෑම තිත්තයි කියමින් දෙමාපියන් ඒවා විසිකර දැමුණ නිසා ඒ ආකාරයට ඝාතනය කරන්නට බැරි බව තීරණය කර එම උත්සාහය අතැර දැමූ බව ඇය පොලිසියට ප‍්‍රකාශ කර තිබෙනවා.කැති පිහි වලින් කොටා දෙමාපියන් ඝාතනය කරන්නට සිව්දෙනා සැලසුම් කර ඇත්තේ ඉන් පසුවයි.
මෙම මිනීමැරුම් සැලසුම් කරන්නට ඔවුන්ට උදව්වූයේ පසුගිය කාලයේ ජනප‍්‍රිය වූ ‘අයන්’ හා ‘කුරුචි’ නමැති දෙමළ චිත‍්‍රපටවල ඝාතකයින් යොදාගත් උපක‍්‍රම බවද ඇය පැවසුවා.
ඒවායේදී යොදාගත් අත්වැසුම් වෙනුවට පයට පළඳින මේස් අත්වල පැළඳ පොලූ හා පිහිද රැුගෙන ඝාතකයින් දෙදෙනාට ? දොළහට පමණ නිවසට එන්නට පණිවිඩ යවා ඇය නිවසේ පසුපස දොර ඇර තැබූ බව කියා සිටියා. ඔවුන් නිවසට ගෙන්වාගත් පසු මව පියා සිටින කාමරයට දියණිය සමග තිදෙනා ගමන් කළ බවත් මුලින්ම පෙම්වතා මවට කැති පහර එල්ල කර කෑගසමින් ඇය ඇද වැටුණ පසු මියගිය බවත් ඇගේ කෑගැසීමට කලබලවී පියා නැගිටිත්ම ඔහුටද පිහිපහර එල්ල කළ බවත් කියා සිටියා. මෙම සියල්ල සිදුවන්නට ගතව ඇත්තේ මිනිත්තු 20 ක් පමණි. දෙදෙනාම මියගිය බව සැක හැර දැනගත් පසු ලේ තැවරුණ ඇඳුම් පිටින් ඝාතකයින් තිදෙනා නිවසේ පසුපස දොරින් පළාගිය බවත් එසේ යන විට පාර දිගේ මිරිස් කුඩු ඉහගෙන ඔවුන් ළඳු කැලෑවක් පැත්තට ගමන් කළ බවත් ඇය කිව්වා. එසේ කර ඇත්තේ දෙමළ චිත‍්‍රපටයෙන් දැනගත් දෙයක් නිසා බවත් සුනඛයින්ගේ ඉව නොමග යවන්නට එය කළ බවත් ඇය කිව්වා.
සිද්ධියෙන් පසු තමා කාමරය දෙසට ගොස් හඬන්නට පටන් ගත් බවත් සීයා ටික වේලාවකට පසු ආ බවත් ඇය කිව්වා. සීයාට ඒ අවස්ථාවේ ඇය කියා ඇත්තේ නාඳුනන අයෙකු පැමිණ පියා මව මරා ඇති බවයි.
පෙම්වතා ළං කරගන්නට දෙමාපියන් මරාදැමූ මේ දියණිය ගැන අසල්වාසීන් තොරතුරු පවසන්නේ අප‍්‍රසාදයෙනි. ඇය මින් පෙර පෙම්වතුන් කිහිපදෙනෙකු සමගම පැටලිලි හදාගත් සිසුවියක බවත් මේ කියන පෙම්වතා සමග සම්බන්ධවී තවම වැඩි කලක් නැති බවත්ය. ඇගේ හැසිරීම කිසියම් දිනෙක මහා විපතකට මුල බව ඔවුන් විශ්වාස කළ බවද ඔවුන් කියනවා.
ඇගේ පාපොච්චාරණය අනුව ද්විත්ව ඝාතනයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

0 comments for " පෙමට බාධා කළ නිසා පෙම්වතාට කියා මව පියා මැරවූ සිසු දියණිය"
Leave a reply