ජනපති කාල්ටන් නිවසේදී අවුරුදු තෑගි බෙදන්න ගොස් නෝට්ටු ඉවරවී ලොතරැුයි බෙදලා
පසුගිය සිංහල අවුරුදු අනුභවය හා ගනුදෙනුකිරීම නැකැත් වේලාවේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සිටියේ තංගල්ල කාල්ටන් නිවසේය. සුබ මොහොතින් අනුභව කොට ගනුදෙනු කිරීම ඇරඹූ ජනපතිවරයා බැහැදකින්නට එදා උදෑසන සිට දහස් ගණනක් ප‍්‍රදේශවාසීන් කාල්ටන් නිවසට රොක්වී සිටියා. ඔවුන් පෝලිමක් සැදී ජනපතිවරයා වෙත ගමන් කළ අතර සෑම දෙනාටම තෑගි වශයෙන් අලූත් මුදල් නෝට්ටුවක් ලබා දුන්නා.වෙනදාටත් වඩා අපේක්ෂිත සෙනග වැඩිවූ නිසා ජනපතිවරයා මේ සඳහා ගෙනවිත් තිබුණ මුදල් නෝට්ටු ඉවර වෙමින් පැවති අතර උදේ හත වන විට සියල්ල අවසන් වූ නමුත් පෝලිමේ සෙනග තවත් දහස් ගණනක් සිටින බව ජනපතිවරයාට පෙනී ගියා. වහාම ඥාතිවරයෙකුට කථා කොට
ඔහු ළ`ග තිබූ මුදල් නෝට්ටු ටිකක් ගෙන්වාගත් ජනපතිවරයා ඒවාද බෙදා දුන් නමුත් පෝලිමේ තවත් තුන් හාර දහසකට පමණ තෑගි දීමට දෙයක් නැති වන බව ජනපතිවරයාට පෙනී ගියා.
එම අවස්ථාවේ ඔවුන්ට කෑම මේසයේ සංග‍්‍රහය භූක්ති විඳ ටිකකින් තමා වෙත කැඳවන්නැයි උපදෙස්දී ජනපතිවරයා ‘දැන් මොකද කරන්නේ...’වටපිට බලා කල්පණා කරද්දී ලොතරැුයි සම්බන්ධ හිතවත් නිලධාරියෙකු දැක ඔහුට මේ ගැන කියූ විට ‘ජනාධිපතිතුමා මගේ වාහනේ සංවර්ධන ලොතරැුයි තොගයක් නං තියනවා.. ඕන නං ඒවා දෙන්න පුළුවන්’ කියා සිටියා.
‘හා හා ගේනව ගේනව..කාටහරි ඒකින් ලොකු තෑග්ගක් ලැබේවිනේ’ කියා ඒවා ගෙන්වාගත් අතර ටිකකට පසු ඉතිරි තුන්දහසක් පමණ ගම්වාසීන්ට ලොතරැුයි ටිකට් පත් අවුරුදු තෑගි ලෙස ලබා දුන්නා.
මේ අයට ඒවායින් මුදල් තෑගි ඇදුණාදැයි තවම වාර්තා වන්නේ නැත.




0 comments for "ජනපති කාල්ටන් නිවසේදී අවුරුදු තෑගි බෙදන්න ගොස් නෝට්ටු ඉවරවී ලොතරැුයි බෙදලා"
Leave a reply