අයි.පී.එල් ගිය අපේ අයට මොකද වුනේ
ඒ ඉන්දීය ප්රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම සමග පසුහිය 16දා පැවැති තරගයේ සුපිරි පන්දුවාරයේදි ලකුණු 4කින් පරාජයවීමත් සමගිනි...
එමෙන්ම ඉන්දීය ප්රීමියර් ලීග් තරගාවලියේ මේ වන විට තරග 5කට සහභාගී වී ලකුණු 84 ක් ලබමින් අසාර්ථකත්වයට පත්වී සිටින සන්රයසිර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරට එම කණ්ඩායමේ නායකත්වය අහිමිවී ඇත.
කුමාර් සංගක්කාර පසුගිය වසරේදීද අසාර්ථක වීම හේතුවෙන් තරග කිහිපයකම නායකත්වය අහිමිවී ගොස් තිබූ අතර ඔහු වෙනුවෙන් නායකත්වයට පත්කර තිබුණේ කැමරන් වයිට්වය. මේ අනුව ඊයේ පැවති තරගයෙන් සංගක්කාර ඉවත්කොට පසුගිය වසරේදී මෙන්ම නායකත්වය කැමරන් වයිට්ට ලබා දී ඇත..
මේ අතර අයි. පී. එල්.
තරගාවලිය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ ඉහළම ලංසුව ලැබූ තෙවැනි ක‍්‍රීඩකයා බවට පත්ව සිටින රුපියක් කෝටි 9 කට ආසන්න මුදලකට අලෙවි වී සිටින අයි. පී. එල්. තරගාවලියේ පූනේ චෝරියර්ස් කණ්ඩායම නියෝජනය කරන අජන්ත මෙන්ඩිස්ට තවමත් එක් තරගයකට හෝ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව නැත.
මේ අතර වේගපන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංගද තරග තුනකදී ලබාගෙන ඇත්තේ කඩුළු 2 ක් පමණි....
Posted in:
අයි.පී.එල් ගිය අපේ අයට මොකද වුනේ
0 comments for "අයි.පී.එල් ගිය අපේ අයට මොකද වුනේ"
Leave a reply