ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ගීතා කුමාරසිංහ තර්ජනය කළා. මේ වෙලාවෙ මට මරණ බිය දැනුණා.


බෙන්තර ඇල්පිටිය ශ්‍රී ල.නි.ප. ප්‍රධාන සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරයකුට මරණීය තර්ජන එල්ල කළේ යෑයි කියන සිද්ධියකට විරෝධය දක්‌වා 23 දා පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා රැස්‌වීමට එ.ජ.නි.ස. සියලුම මන්ත්‍රීවරු කළුපටි පැළඳ සහභාගි වූහ.

එහිදී විශේෂ ප්‍රකාශයක්‌ කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. ජී. සාගරතිලක මහතා මෙසේ කීවේය. බෙන්තර ඇල්පිටියේ දේශපාලන නායකත්වය දිනෙන් දින පිරිහෙනවා. ඇල්පිටිය සහ බෙන්තර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මේ ගැන කියන්න ආර්ථික සංවර්ධන ඇමැති
බැසිල් රාජපක්‍ෂ මහතා හමුවීමට අප්‍රියෙල් 20 දා ගියා.

ඊට පසුදා 21 දා ගීතා කුමාරසිංහ මහත්මිය මා අමතා ඊයේ කොළඹ ගිහිල්ලා සංවිධායකවරයෙක්‌ පත්කර ගත්තාද? මම මේ ගැන පස්‌සෙ බලාගන්නම් කියල මට තර්ජනය කළා. මේ වෙලාවෙ මට මරණ බිය දැනුණා. මට මේ ගැන කියන්න මේ සභාවේ මගේ සහෝදර මන්ත්‍රීවරුන්ට හැර වෙන කෙනෙක්‌ නෑ, මගේ ප්‍රකාශය සභා හැන්සාඩ් ගතකරන ලෙස ඉල්ලා සිටිනවා.

Posted in:

0 comments for "ගීතා කුමාරසිංහ තර්ජනය කළා. මේ වෙලාවෙ මට මරණ බිය දැනුණා. "

Leave a reply