ගොඨාභය රාජපක්ෂ නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයේ (ඡායාරුප )
උතුරු - නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නායක හිමිපාණන් වහන්සේ ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා 31 නමක් හා අහිංසක නිරායුධ සිවිල් වැසියන් තිදෙනෙකු කපා කොටා වෙඩි තබා කෲර ලෙස ඝාතනය කිරීමේ අරන්තලා මහා භික්ෂු සංහාරය අනුස්මරණය කිරීම වෙනුවෙන් මෙම සිහිවටනය විවෘත කරන ලද අතර එහි පැවති අනුස්මරණ අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද සහභාගී විය.
තිස් වසරක එල්ටීටීඊ භිෂණයට ගොදුරුව සිටි මංගලගම වැසියන්ගේ
නීතිය හා සාමය ළගාකරනුවස් ඉඳිවූ මංගලගම නව පොලිස් ස්ථානය ද ආරක්ෂක ලේකම් වරයාගේ නිරීක්ෂණයට ලක්විය.
අනතුරුව අම්පාර ෙඑතිහාසික දීඝවාපී චෙත්‍යයේ ප්‍රතිසංස්කරන කටයුතු නිරීක්ෂනය කල ආරක්ෂක ලේකම් වරයා එහි ප්‍රතිසංස්කරන කටයුතු වල යෙදී සිටින සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් දිරිමත් කරමින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදී. මෙහිදී දීඝවාපී විහාරස්ථානයේ විහාරාධිපති නන්නපුරාවේ බුද්ධ රක්ඛිත හිමියන් හට අට පිරිකරක් පූජා කළ ආරක්ෂක ලේකම් වරයා දීඝවාපී චෙත්‍යයේ පරිවාර චෙත්‍යයක්ද නිරීක්ෂණය කරන ලදී.
චාරිකාව තුල රැස්වසිටි ජනතාව සමග සුහද පිළිසදරක සහභාගි විමටත් ඔවුන්ගේ ගැටළු සඳහා විසදුම් ලබා දීම සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් අදාල නිළධාරීන් ට එම ගැටළු යොමු කිරීමටත් ආරක්ෂක ලේකම්වරයා ක්‍රියාකරන ලදී.





























0 comments for " ගොඨාභය රාජපක්ෂ නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයේ (ඡායාරුප )"
Leave a reply