ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

නයි නළඟනට යළි කොල්ලූපිටියේ සමාජ ශාලාවක දී පහරදීමක්


නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟනට නැවත වතාවක් කොල්ලූපිටියේ සමාජ ශාලාවක දී පහරදීමක් සිදු වී ඇතැයි වාර්තා වේ.සමාජ ශාලාවක හිමිකාරියක් වන දැනට බන්ධනාගාරගත ව සිටින කොළඹ ප‍්‍රධාන පෙළේ සමාජ ශාලා මෙහෙයවන්නියකගේ පුත‍්‍රයාගේ බිරිඳ වන රුසියානු ජාතික කාන්තාවක් විසින් මෙලෙස නයි නළඟනට පහර දී ඇත.
එම සමාජ ශාලාවෙහි කළමනාකාරීත්වය පිළිබඳ ඇති වූ මත ගැටුමක් නිසා මෙම රුසියානු ජාතික කාන්තාව විසින් නයි නළඟනට මෙලෙස පහර දී ඇති බව ද වාර්තා වේ.
නයකු ළඟ තබා ගැනීම නිසා ඇය මෙම සමාජ ශාලාව තුළ දී ම කොල්ලූපිටිය පොලිසිය විසින් මීට පෙර අවස්ථාවක අත්අඩංගුවට ගනු ලැබී ය. එයින් පසු ඇය ජනප‍්‍රිය චරිතයක් විය.
එම ජනප‍්‍රියතාව සමඟ එම සමාජ ශාලාවේ කළමනාකාරිනිය ලෙස පසු ව ඇය සේවය කළ අතර මෙම
ගැටුමට ද මුල් වී ඇත්තේ එය ම බව වාර්තා වේ.
මෙම පහර කෑමෙන් නයි නළඟනට තුවාල වී ඇත. නයි නළඟන සමඟ එකට වාසය කරන ඇයගේ පෙම්වතා වන අරාබි ජාතික තරුණයා මේ පිළිබඳ කොල්ලූපිටිය පොලිසියට පැමිණිල්ලක් දැමීමට උත්සාහ දරා ඇති බව ද වාර්තා වේ.එහෙත් සමාජ ශාලාවෙහි හිමිකාරිත්වයේ බලපෑම් මත ඔහු පසු ව පැමිණිල්ලක් දැමීම අතහැර තිබේ.


Posted in:

0 comments for "නයි නළඟනට යළි කොල්ලූපිටියේ සමාජ ශාලාවක දී පහරදීමක්"

Leave a reply