ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

බියගම විලේජ් අධිපතිගේ ඝාතකයා කොටු කළහැටි


බියගම විලේජ් අධිපති රන්වලගේ බර්ටි බර්නාඞ් ජයරත්න නොහොත් සුරංගි මුදලාලි කපාකොටා ඝාතනය කළේ පසුගිය වසරේ පෙබරවාරි මස විසි වැනිදාය.
ඒ දොම්පේ කිඹුල්වල පිහිටි ඔහුට අයත් පොල් ඉඩමේ දීය. එවකට හැටපස් වැනි වියේ පසු වූ මේ කෝටිපති ව්‍යාපාරිකයා බියගම විලේජ් හෝටලයේ සිට වත්තට ගියේ සිය කැබ් රථය තමා විසින්ම පදවාගෙනය. වෙනදාට වත්තේ වැඩකරන කාන්තාවන් ද එම කැබ් රථයේ නංවාගෙන ගිය ද එදා ඔහු ගියේ තනිවමය.
කිඹුල්වල වත්ත බලා ගන්නේ ඇලිස්නෝනා විසිනි. මේ වත්තේ පිහිටි නිවෙසේ ඇය පදිංචිව සිටියේ සිය බාල දියණිය සමගිනි. එදිනට දින කිහිපයකට පෙර ඇයගේ අනෙක් දියණිය ද මේ නිවෙසට පැමිණ සිටියේ සැමියා හා දරුවා ද සමගිනි. සිද්ධිය වන විට එම සැමියා දරුවා පාසලට රැුගෙන ගොස් සිටි අතර නිවෙසේ සිටියේ මව හා දියණියන් දෙදෙනා පමණි.
සුරංගි මුදලාලිගේ කැබ් රථය පාර දිගේ උඩට යනු දුටු ඇලිස් නෝනා වහ වහා දිවගොස් ගේට්ටුව විවෘත කළා. ඒ වන විට බාල දියණිය නිවෙස අසල මිදුල අතුගාමින් සිටියාය. උඩහට ගොස් කැබ් රථය හරවාගෙන ආ සුරංගි මුදලාලි කැබ් රථය ගේට්ටුවෙන් ඇතුළට දැම්මේය. ඒ ඉදිරිපස කොටස
ගේට්ටුවෙන් ඇතුළට ද පිටුපස කොටස පිටතට වන්නට සිටින ලෙසටය.
ඇලිස්නෝනා පෙර ගමන් ගොස් සුරංගි මුදලාලි පිළිගත් අතර දෙදෙනා කතා බහේ යෙදෙමින් වත්ත පහළට ගියේ ඉදිරියේ දී වත්තේ වැඩ සිදුවිය යුත්තේ කෙලෙසින්ද යැයි සොයා බැලීම සඳහාය. එහෙත්... වත්ත පහළට ගිය දෙදෙනා විනාඩි කිහිපයකින් යළි ගේට්ටුව අසලට පැමිණ වාහනය ඉදිරිපස නැවතී ස්වල්ප වේලාවක් කතාබහේ යෙදිමින් සිටියේය. ඒ වන විට ද ඇලිස්නෝනා ගේ බාල දියණිය මිදුල අමදමින් සිටි අතර වැඩිමල් දියණිය නිවෙස අතුගාමින් සිටියාය.
ඇලිස්නෝනාගෙන් සමුගත් සුරංගි මුදලාලි වාහනයට නැගීමට ගිය අතර ඇලිස් නෝනා ඔහුට පිටුපා නිවෙසට දෙසට ගමන් කළාය.
ගත වූයේ නිමේෂයකි. සුරංගි මුදලාලි කෑ ගසන ශබ්දයක් ඇසී ආපසු හැරී බැලූ ඇලිස් මෝනා දුටුවේ කළු කලිසමක් හා අත් දිග කළු කබායක් හැඳගත් මුහුණු ආවරණය වන ලෙස කළුපැහැ හෙල්මටයක් පැළඳ සිටිනා උස ශක්තිමත් බවක් පෙන්නුම් කරනා පුද්ගලයකු සුරංගි මුදලාලිට පහර දෙන බවයි. කෑගසාගෙන ඇය ඒ දෙසට දිව යන්නට වූවාය. මිදුල අතුගාමින් සිටි දියණිය ඉදලද අතැර දමා ඒ දෙසට දිව ගිය අතර මේ ශබ්දය ඇසුණු නිවෙස තුළ සිටි දියණිය ද කෑ ගසාගෙන සිද්ධිය වන දෙසට දිව ආවාය.
එහෙත්... ගතවූ තත්පර කිහිපයේ දී සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. කළු හැඳගත් පුද්ගලයා එල්ල කළ පහරවලින් සුරංගි මුදලාලි උඩු බැලි අතට බිම පතිත විය. ඔහුගේ සිරුර උඩට නැගගත් කළු ඇඳුම් ඇඳගත් පුද්ගලයා සිය ජැකැට්ටුව තුළ ස`ගවාගෙන තිබූ දිගු මන්නා පිහියක් රැුගෙන දෑතින් එය ඔසවා සුරංගි මුදලාලිගේ නළල ප‍්‍රදේශයට වේගවත් පහරක් එල්ල කළේය. එම පහරින් ඔහුගේ නළල හා හිස දෙබෑවී මුහුණ ද කැපී ගිය අතර දිගට හරහට තවත් මන්නා පහරවල් කිහිපයක් එල්ල කළ ඔහු, සුරංගි මුදලාලි වෙතින් ඉවත්විය.
ඊළ`ගට ඔහුගේ අවධානය යොමු වූයේ මේ සිද්ධිය දෑස් වලින් දකිමින් කෑගසිමින් ඒ අසලට දිව එන මව හා දියණියන් වෙතටයි. මන්නා පිහිය අමෝරාගත් හෙතෙම මේ තිදෙනා පසුපස දිව යාමට පටන් ගත්තේය. මර ළතෝනි තබමින් මේ තිදෙනා ආපසු හැරී නිවෙස වෙත දිව ගිය මුත් බාල දියණිය මන්නාකරුගේ පිහි පහරට ගොදුරුවිය. ඇයගේ එක් අතක් මන්නා පිහිපහරින් බරපතළ ලෙස තුවාල වූ අතර ආපසු හැරුණු කළු ඇඳුම්කරු පාරට දිවගොස් නවතා තිබූ කළු පැහැති යතුරු පැදියේ නැගී පළා ගියේය.
මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ දොම්පේ පොලිසියට සහ පෑලියගොඩ කොට්ඨාස අපරාධ ඒකකයට පැවැරුණු අතර මාස ගණනක් පුරා බොහෝ දෙනකුගෙන් ප‍්‍රශ්න කරමින් තොරතුරු සෙවූව ද කිහිප දෙනකුම අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළද අපරාධකරු නිවැරදි ලෙස හඳුනාගැනීමට පොලිසියට හැකිවූයේ නැත. පසුව සුරංගි මුදලාලි ඝාතනයේ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට බාර කැරිණි.

මේ අතර කිඹුල්වලවත්ත බලාගෙන සිටි ඇලිස්මෝනා එම වත්තෙන් ඉවත්ව ගිය අතර පසුව එම වත්ත බලාගැනීම පැවැරුණේ දෙකටන ප‍්‍රදේශයේ පදිංචි තිලංක නමැති අයටයි.
සුරංගි මුදලාලි ඝාතනය කළේ දේපළ ප‍්‍රශ්නයක් මත බවට කටකතා පැතිර යන්නට විය. මෙම ඝාතනය මුදලාලිගේ පුත‍්‍රයා හෝ බෑනා විසින් සිදුකරවූ බවට ද කතා පැතිර ගියේය. මාධ්‍ය විසින් ද සුරංගි මුදලාලිගේ ඝාතන සිද්ධියට වැඩි ප‍්‍රසිද්ධියක් ලබා දී තිබිණි. එහෙත්... මෙම ඝාතනය සිදුවී වසරකට ආසන්න කාලයක් ගතවන තුරුම පැතිර ගිය කටකතාවල සත්‍යතාවය තහවුරු නොවූ අතර නියම සැකකරු අල්ලා ගැනීමට හැකි වූයේ ද නැත.
සුරංගි මුදලාලි ඝාතනයේ සැකකරු සොයමින් සිටි සීසීඞී නිලධාරීන්ට දොම්පේ වත්තක අවි අයුධ වගයක් ස`ගවා තිබෙන බවට තොරතුරක් ලැබුණේ ඔය අතරතුරදීය. එම ආයුධ ස`ගවා ඇත්තේ සුරංගි මුදලාලිට අයත් ඔහුගේ ඝාතනය සිදුවූ කිඹුල්වල වත්තේ බවට ද ඔත්තුකරු තොරතුරු පැවැසුවේය.
වහාම ක‍්‍රියාත්මක වූ සීසීඞී නිලධාරීන් කණ්ඩායමක් එම වත්ත වෙත යන විට එහි ගේට්ටුව අගුලූලා තිබිණි. වත්ත බලාකියාගත් තිලංක යතුර රැුගෙන පැමිණ ගේට්ටුව විවෘත කළේය. වත්තට ඇතුළු වූ නිලධාරීන් අවි ආයුධ සොයා පරීක්ෂා කිරීමේ දී සුරංගි මුදලාලි ඝාතනය වූ ස්ථානයට නුදුරින් ගසක් යට තිබී ප්ලාස්ටික් කෑන් එකක් හමුවිය. එය විවර කර බලද්දී දුටුවේ එහි අත්බෝම්බ දෙකක් ක්ලේමෝ බෝම්බයක් හා මළකඩ කමින් පවතින දිගු මන්නා පිහියක් තිබෙන බවයි.
මෙම ආයුධ පිළිබඳ විමසූ විට තිලංක කියා සිටියේ තමා මේ ගැන කිසිවක් නොදන්නා බවයි. එහෙත්... මේ වත්තේ ගේට්ටුවල යතුරු ඇත්තේ මොහු ළ`ගය. එබැවින් මොහුගේ අනුදැනුමකින් තොරව මේවා මෙම වත්තට එන්න ක‍්‍රමයක් නැත. එබැවින් ක්‍.ක්‍.ෘ නිලධාරීන් තිලංක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළේ විනාශකාරි අවි ආයුධ ළ`ග තබාගැනීමේ චෝදනාව යටතේය.
මේ අතරේ දිනක් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි පුද්ගලයකු යම් තොරතුරක් පවසා සිටියේය.
සර්... බියගම විලේජ් එකේ සුරංගි මුදලාලිව මැරුවෙත් සර්ලා අල්ලපු ඔය තිලංක තමයි. එදා... සිද්ධිය වෙච්ච දවසේ මම එයාව හඳුනාගත්තා. නමුත්... මටත් ඒ ටිකම වෙයි කියලා බයට නොකියා හිටියේ. දැන් එයාව පොලිසියෙන් අල්ලාගෙන ගිහින් රිමාන්ඞ් කරලා ඉන්න නිසයි මම මේ තොරතුරු දෙන්න ඉදිරිපත් වුණේ.”
කිඹුල්වල වත්ත අසල පදිංචි අයකු ලබාදුන් ඒ තොරතුරට අනුව ක‍්‍රියාත්මක වූ සීසීඞී නිලධාරීන් සුරංගි මුදලාලි ඝාතනය පිළිබඳ යළි පුළුල් ලෙස පරීක්ෂණ ආරම්භ කළේය.
මේ අතර උසාවි නියෝගයක් ලබාගත් පොලිසිය තිලංක හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කෙළේය. ඔහු හඳුනාගැනීම සඳහා ඉදිරිපත් කර තිබුණේ ඇලිස් නෝනා හා ඇගේ දියණියන් දෙදෙනාය. පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී ඔවුන් දෙදෙනාම මේ පුද්ගලයා කවුදැයි හඳුනාගත්හ.
පසුගිය වසරේ පෙබරවාරි මස විසිවැනිදා උදේ තමන්ගේ ඇස් ඉදිරිපිට දී සුරංගි මුදලාලි කපා කොටා ඝාතනය කළේ මොහු බව සාක්කිකරුවන් කීහ. පෙරෙට්ටුවෙන් අනතුරුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත‍්‍රාත් ජී. එල්. ප‍්‍රියන්ත මහතා නියෝග කළේය. එහෙත්... සැකකරු කියා සිටියේ තමා මේ ඝාතනයට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවයි.
ඔහු එලෙස ප‍්‍රකාශ කළද සීසීඞී නිලධාරීන් කරගෙන යන පරීක්ෂණවලින් ඔහුට මෙම ඝාතනය සිදුකිරීමට මූලික වන්නට ඇතැයි සැලකෙන හේතු කාරනා කීපයක්ද හෙළිකරගෙන ඇත. ඉන් එක් කාරණයක් ලෙස අනාවරණය වන්නේ පෙම් පළහිලව්වකි. තමාගේ සිතගත් ඒ තරුණිය ලබා ගැනීමට තිබෙන එකම බාධකය සුරංගි මුදලාලි බව සිතූ ඔහු මෙලෙස ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
සුරංගි මුදලාලි කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු තමා සතු මහා ධනයෙන් අසරණ දුප්පත් මිනිස්සුන්ට සැලකුවා සේම ස්ත‍්‍රී ඇසුර වෙනුවෙන්ද අතපය දිගහැර මුදල් වැය කළ අයෙකි. ක්‍.ක්‍.ෘ පරීක්ෂණවලදී හෙළිවී ඇති තොරතුරුවලට අනුව ඔහු ළ`ගින් ආශ‍්‍රය කළ මිතුරියන් කිහිපදෙනකු සිට ඇත. මේ කාන්තාවන්ට අවශ්‍ය සියලූම පහසුකම් සපයා තිබූ අතර ඉන්න හිටින්නට නිවෙස්, යානවාහන පමණක් නොව වතු පිටිද ලබා දී තිබිණි. ඇලිස් මෝනා ඇතුළු දියණියන් ද ඔහුගේ ළ`ගම හිතමිතුරියන් වූ බව පොලිසිය කියයි.
මේ සියල්ලම පොලිසිය හමුවේ තිබෙන සැකකටයුතු තැන් කිහිපයකි. මේ අතර සැකකාර ඝාතකයා පිළිබඳ තවත් සැක මතුවන හේතු හමුවී තිබේ. ඝාතක සැකකරු කලක සිට සුරංගි මුදලාලිගේ වතුපිටි බලාගත් සේවකයකි. මුදලාලි ඝාතනය කරන සමයේ ඔහු බලාගෙන ඇත්තේ සුරංගි මුදලාලිගේ සමීප මිතුරියකට අයත් වත්තකි. ඒ වත්ත සුරංගි මුදලාලි විසින් මිතුරියකට ලබාදී එහි සේවය සඳහා සේවකයන් ද ලබා දී තිබිණි. එලෙසම එම කාන්තාව සුරංගි මුදලාලිගේ දියණියගේ හොඳම මිතුරියක් බවද කියයි. ඝාතනය සිදුවූ දිනයේ බියගම විලේජ් හෝටලයේ තිබූ රුපියල් ලක්ෂ ගණනක මුදල් සුරංගි මුදලාලිගේ දියණියට බාර දී තිබුණේ ද එම කාන්තාව විසින් බවට තොරතුරු ලැබී ඇත.
සැකකරු මෙම ඝාතනය සිදුකළේ පෙම්වතිය ලබා ගැනීමේ චේතනාව මුල්කොට නොවේ නම් මෙය ඔහුට ලැබුණු කොන්ත‍්‍රාත්තුවක් මත හෝ කවුරුන් හෝ කරනලද ඉල්ලීමක් මත සිදුකළ එකක් ලෙස සැකකළ හැකි බව ද සීසීඞී පරීක්ෂණ කණ්ඩායම් වල අදහසයි.
සුරංගි මුදලාලි ඝාතනයට ඔහුගේ පවුලේ ළ`ගම ඥාතියකුගේ සබඳතාවක් ඇතැයි යන සැකය ද තවමත් බැහැර කළ නොහැකි බව සීසීඞී පරීක්ෂණ කණ්ඩායමේ මතයයි. ඒ පිළිබඳ පරීක්ෂණ තවමත් අවසන් කොට නැති බව පරීක්ෂණ නිලධාරීන් පවසයි.
මියයන විට කෝටිපති ව්‍යාපාරිකයකු වූ සුරංගි මුදලාලි ඒ තත්ත්වයට පත්වූයේ පියවරෙන් පියවර තබමිනි. 1947 වර්ෂයේ මැයි මස දහවැනි දා බියගමදී උපත ලද ඔහු ජිවිතය ආරම්භ කළේ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ පිහිනුම් හා කිමිදුම්කරුවකු ලෙසිනි. වසර දොළහක සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව නාවික හමුදා සේවයෙන් ඉවත්වූ හෙතෙම ව්‍යාපාර ලෝකයට පිවිසීමේ මුල් පියවර තැබුවේ  ර්‍ණසුරංගි ලී මෝල” නමින් බියගම ප‍්‍රදේශයේ ලී මෝලක් ආරම්භ කරමින්ය. සුරංගි ඔහුගේ දියණියගේ නමය. කල් යත්ම සුරංගි යන නාමය ජයරත්නට ද පටබැඳුනු අතර සැවොම ඔහු හැඳින්වූයේ සුරංගි මුදලාලි ලෙසිනි.
ලී මෝල කරගෙන යන අතරතුර බියගම විලේජ් නමින් කාමර පහකින් සමන්විත කුඩා හෝටලයක් පටන් ගත් හෙතෙම පසුව ලී මෝල වසා දමා එහි සේවකයන් ද හෝටලයේ සේවය සඳහා බඳවා ගත්තේය. පියවරෙන් පියවර හෝටලය දියුණු කළ හෙතෙම කාමර සියයකින් පමණ සමන්විත නානතටාක, උත්සවශාලා ඇතුලූ සියලූම අංගෝපාංගවලින් සමන්විත ව හෝටලය දියුණු කළේ හංවැල්ලේ ද හෝටලයක් ඇරඹීමට අත්තිවාරම දමමිනි. එය  ර්‍ණහංවැල්ල හොලිඬේ රිසෝට්” ලෙසින් නම් කෙරුණු අතර හෝටල් ක්ෂේත‍්‍රයට වඩා ඔහුගේ වැඩි කැමැත්ත තිබුණේ වගා කටයුතු වෙතය. ඒ අනුව ඔහු දොම්පේ ප‍්‍රදේශයෙන් අක්කර 15ක පමණ ඉඩම් මිලදී ගෙන බවබෝග වගා කරවූයේය.
ඔහුගේ මේ ව්‍යාපාරවලින් රැුකියා ලබාගෙන ජීවිත සරුකරගත් සංඛ්‍යාව දහසකට අධිකය. ඝාතනයට ලක්වීමට දින කිහිපයකට පෙර රුපියල් කෝටි තුනක පමණ මුදලක් ඔහුට ලැබී තිබුණේ යෝජිත අධිවේගී මාර්ගය ඔහුගේ ඉඩම් කොටස් කිහිපයක්ම උඩින් වැටී තිබූ නිසාය.
කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයා දැන් හඳුනාගෙන ඇත. ඔහු නමින්ම හඳුනන අයකුද ඇත. ඔහු මෙම ඝාතනය මොහු විසින් සිදුකරනු ඇසින් දුටු බවට සාක්ෂි දීමට ඉදිරිපත්ව සිටී. එදා කිඹුල්වල වත්තට පැමිණ සුරංගි මහත්තයාට පිහියෙන් කොටා තමා පසුපස ද එළවාගෙන විත් බාල දියණියගේ අතට මන්නා පහර එල්ල කළේ මොහු බවට ඒ මව හා දියණියන් දෙදෙනාද හඳුනාගෙන ඇත.
එහෙත්... සැකකාර ඝාතකයා කියා සිටින්නේ තමා මෙම ඝාතනය සිදු නොකළ බවය පොලිසිය ප‍්‍රශ්නයකට මැදිව ඇත්තේ ඒ නිසාය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු පරීක්ෂණවල නියැලී සිටිති.

සටහන -තක්ෂිලා ජයසේකර

Posted in:

0 comments for "බියගම විලේජ් අධිපතිගේ ඝාතකයා කොටු කළහැටි"

Leave a reply