ජනපතිතුමා දුන්න ලැප්ටොප් එක දාන්න ගෙදරට විදුලිය නැති සාමාන්‍ය පෙළ පස්වෙනියා
ජනපති මන්දිරයට කැඳවා ලැප්ටොප් එකක් තෑගි ලැබූවත් එය ක‍්‍රියාත්මක කරන්නට ඔහුගේ නිවසට විදුලිය තිබී නොමැත.
ඔහු ජීවත්වන්නේ, කරවිට පොල්වත්ත ප‍්‍රදේශයේය. කිරි ඇල්ල වත්ත ගම මායිමේ ද්‍රවිඩ වතුකම්කරුවන් සිටින නිවාස පේලියක පුංචි බිම්තීරුවක සහන්ලාගේ නිවස පිහිටා තිබෙනවා. වහළය ටකරන් වලින් සෙවිලි කර ඇති නිවසේ ලී කණු සිටවූ බිත්තිය ආවරණය කර ඇත්තේ ඉටිරෙදි වලින්ය. සහන්ගේ පියාට රස්සාවක් නැත. ඔහු සිටින්නේ ලෙඩ ගානේය. මව ෆැක්ටරියක සේවිකාවක ලෙස සුළු රැුකියාවක් කරන්නීය.
මුලින්ම කරවිට ප‍්‍රාථමික විදුහලට ගොස් ලකුණු 176 ක් ලබා ශිෂ්‍යත්වය සමත්ව රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලට ඇතුළුවූ සහන් ලක්ෂිත විජේවන්ත රත්නපුර
ඇලෝසියස් විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකි. ඔහු පාසලේ ද`ගකාරයෙකු නොව විනය ගරුක දක්ෂ සිසුවෙකු බව කියැවුණා.
ඔහු තමන්ගේ ජයග‍්‍රහණය ගැන මාධ්‍ය වෙත දැක්වූ අදහස් මෙසේය.
‘ලංකාවෙන්ම පස්වෙනියා වෙන්න ලැබීම මට ලොකු සතුටක්. මේ ජයග‍්‍රහණයට ලොකුම හේතුව අපි උපතින්ම ලබපු දුප්පත්කම කියලත් මට හිතෙනවා. මං එහෙම කියන්නෙ මාවත් නංගිල දෙන්නත් ලොකු මහත් කරන්න මගේ අම්මයි තාත්තයි විඳින දුක දැකලා. ඒ අය කොහොමහරි මේ බරින් නිදහස් කරන්න ඕනෙය කියන අධිෂ්ඨානය නිසා තමයි මගේ ඉගෙනීමේ කටයුතු හොඳින් කරන්න මං දරපු උත්සාහය ඵල දැරුවේ.මට පාඩම් කරන්න ගෙදර ලයිට් නෑ. කුප්පි ලාම්පු එළියෙන් තමා ?ට පාඩම් කරේ. ඒත් තෙල් ඉවරවෙනකම් විතරයි ඒකත් පුළුවන්. සමහරදාට තෙල් ඉවරවෙලා පාඩම නතර වෙනවා.
අපේ පැත්ත ලංකාවේ වැඩියෙන්ම වහින ප‍්‍රදේශයක්. නිතරම වහිනවා. ටකරන් වහල අස්සෙන් වැහි බින්දු වැටෙනවා. අපට වහින වෙලාවට ඒ ගෙදර ඉන්න හරිම අමාරුයි. වහින දාට මට පාඩම් වැඩ ඔක්කොම නවතිනවා. ඒත් මං අතඇරියෙ නෑ. පුළුවන් තරම් දවල් වෙලාවෙන් ප‍්‍රයෝජන ගත්තා.
සහන්ගේ ඊළ`ග ප‍්‍රාර්ථනය උසස් පෙළ ඉහළින්ම සමත් වන්නටයි. ඔහු ජීව විද්‍යා අංශය තෝරාගන්නට කැමතිය. තමා කෙසේ හෝ වෛද්‍යවරයෙකු වන බවත් නංගිලාට උගන්වන බවත් ඔහු කියනවා.ප‍්‍රතිඵල එනතුරු සහන්ගේ ගුරුවරු හෝ විදුහල්පතිගෙන් පවා තමන්ගේ ඇත්ත තත්වය සැ`ගවූ සහන් අපූරු ධෛර්යවන්තයෙකි.
ඔහුගේ උත්සාහය ගැන සැලවී දැනටමත් ඔහුට නිවසක් ලබාදීමට මෙන්ම අධ්‍යාපන ආධාර ලබාදෙන්නට විශාල පිරිසක් ඉදිරිපත්වී සිටින බව විදුහල්පතිවරයා දන්වා තිබෙනවා.
උත්සාහයෙන් ධෛර්යයෙන් අධ්‍යාපනය ලබා තමා වැනි අයටත් රටේ තැනක් ලැබිය හැකි යයි ඔප්පු කළ සහන් ලක්ෂිත සිසු පරපුරටම ආදර්ශයකි.

0 comments for "ජනපතිතුමා දුන්න ලැප්ටොප් එක දාන්න ගෙදරට විදුලිය නැති සාමාන්‍ය පෙළ පස්වෙනියා"
Leave a reply