ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

දකුණු පළාතේ ඒඩ්ස්‌ රෝගීහු 21 ක්‌


කුණු පළාත තුළ ඒඩ්ස්‌ රෝගීන් විසිපස්‌ දෙනෙකු මැලේරියා රෝගීන් හත් දෙනෙකු සහ බරවා රෝගීන් අටසිය දහසය දෙනකු පසුගිය වසර (2012) තුළ වාර්තා වී ඇතැයි දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා දකුණු පළාත් සභාවේදී අනාවරණය කළේය.

දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා විසින් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පසුගිය 9 දා පැවැති දකුණු පළාත් සභා මාසික හෙතෙම මෙම තොරතුරු අනාවරණය කළේය.

දකුණු පළාතේ බරවා රෝගීන්
නවසිය විසිහතක්‌ (927) 2011 වසරේ වාර්තාවූ අතර එම සංඛ්‍යාව පසුගිය වසරේ රෝගීන් අටසිය දහසය දක්‌වා පහත වැටී ඇති බවද ප්‍රධාන අමාත්‍යවරයා පැවැසීය. එසේම දෙදහස්‌ එකොළහ වසරේ පළාත තුළ මැලේරියා රෝගීන් පහළොවක්‌ වාර්තාවූ අතර 2012 වසරේ වාර්තාවී ඇත්තේ මැලේරියා රෝගීන් සත් දෙනෙකු පමණකි.

ඒඩ්ස්‌ රෝගීන් දහසයක්‌ (16) 2011 වසරේ වාර්තා වුවද 2012 වසරේ එම සංඛ්‍යාව විසිඑක (21) දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි මෙහිදී අනාවරණය විය.

කෙසේ වෙතත් බරවා, මැලේරියා හා ඒඩ්ස්‌ රෝගීන් මරණ කිසිවක්‌ වාර්තාවී නැතැයිද ප්‍රධාන අමාත්‍ය ශාන් විඡේලාල් ද සිල්වා මහතා මෙහිදී අනාවරණය කළේය.

Posted in:

0 comments for "දකුණු පළාතේ ඒඩ්ස්‌ රෝගීහු 21 ක්‌"

Leave a reply