ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

පරිස්සම්වෙන්න අහිතකර කෙසෙල් වෙලෙඳපොලේ

උත්සව සමයේ කෙසෙල් සඳහා වන ඉල්ලූම ඉහළ යෑම නිසා කෙසෙල් ඉදවීමට යොදනු ලබන කෘෂි රසායනයේ මාත‍්‍රාව වැඩිකොට පලතුරු ඉදවා වෙළෙඳපොළට නිකුත් කෙරෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.
සාම්ප‍්‍රදායික ගොවිතැන් ක‍්‍රමවලින් ඉවත්වී ලාභ උපයා ගැනීම වෙනුවෙන් මේ නිෂ්පාදන කුමන ක‍්‍රමයකින් හෝ වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඒවා ආහාරයට ගැනීමෙන් වකුගඩු රෝග වැලැඳීමේ ප‍්‍රවණතාව ඉහළ යෑමට සාධක වන බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසෙල් සහ වෙනත් පලතුරු වර්ග කෘත‍්‍රිමව ඉදවීම සඳහා යොදාගනු ලබන රසායනික ද‍්‍රව්‍ය අන්තර්ගත වූ පලතුරු භාවිතයෙන්
දරුවන් ඈත්කර තබන ලෙසට ඔහු අවවාද කරයි.
කෙසෙල්වල ලෙල්ල කහපාට වීම සඳහා මේ රසායනික ද‍්‍රව්‍ය යොදනවා මිස ස්වාභාවිකව ඉදෙන්නේ නැත. උත්සව සමයේ මේ ජාවාරම් ඉහළ ගොස් ඇති අතර මේ ආහාර ද‍්‍රව්‍ය මිලදීගන්නා විට දැඩි අවධානයක් යොමුකර මිලදීගන්නා ලෙස ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Posted in:

0 comments for "පරිස්සම්වෙන්න අහිතකර කෙසෙල් වෙලෙඳපොලේ"

Leave a reply