නොදන්නා රෝගයකින් සිංහරාජයේ ගෝන්නු මියයති, වඳුරෝ අන්ධ වෙති
සිංහරාජ දකුණු මායිමේ පිහිටි ඉළුඹකන්ද, කැකිල්ලපිටිය, දෙනවත්කන්ද, මුගුණුවල ආදී ගම් ආශ‍්‍රිතව මෙම රෝගයෙන් මියගොස් ඇති ගෝනුන්ගේ සිරුරු හමු වී ඇතැයි ගම්වාසීන් විසින් මෙයට
පෙර කලවාන ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක වක්කුඹුර මහතා, මේ පිළිබඳ ව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන්නැයි වනජීවී නිලධාරීනට උපදෙස් දුන්නේ ය. වනජීවී නිලධාරී එරංග බඹරබොටුව මහතා ප‍්‍රකාශ කළේ මේ වන විටත් අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
මේ අතර වනජීවී කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ උග‍්‍ර වී ඇති තත්ත්වය පිළිබඳ ව සිංහරාජ අඩවි වනජීවී සහකාර එච්. කේ. පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කාර්ය මණ්ඩලය නිරන්තර සෝදිසියෙන් පසුවන බවයි.
.jpg)

0 comments for "නොදන්නා රෝගයකින් සිංහරාජයේ ගෝන්නු මියයති, වඳුරෝ අන්ධ වෙති"
Leave a reply