ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සනත් අයියව මං බඳින්නෙ නෑ අපේ ආශ‍්‍රයක් දැන් නැහැ.. දරුවො තුන් දෙනෙක්ගෙ තාත්ත කෙනෙක් මට වැඩක් නෑනෙ ---- මලීකා කථා කරයි


පසුගිය නොවැම්බර් මාසේ අග සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය ගැන අලූත් ආරංචියක් පැතිරුණා.ඒ ඔහු සන්ද්‍රා සමග පැවති විවාහයට දික්කසාද නඩු පවරා තිබියදී මලීකා සිරිසේනගේ නමැති නාඹර තරුණිය සමග අලූත් විවාහයකට පිවිසි බවයි.
එය ඔප්පු කරන ආකාරයේ ඡුායාරූප කිහිපයක් අන්තර්ජාලයේ ප‍්‍රචාරය වූ අතර ඒවායේ දැක්වුනේ සනත් මලීකා සුදුවතින් සැරසී කිසියම් උත්සවයක් පවත්වන ආකාරයයි.දරු තිදෙනෙකුද ලද පසුව විවාහය කටුගා සනත් මේ කරන්නට යන්නේ
කුමක්දැයි පාඨකයින් කලබල වුණා. නමුත් සතියකට පසු පුවත්පත් අමතමින් සනත් කියා සිටියේ එවැනි දෙයක් සිද්ධ නොවූ බවයි. සනත් බහුවිවාහ චෝදනාවකට ලක්වේය යන බියෙන් මෙසේ කියන බවද ඇතැමුන් තර්ක කළා.
මේ සිදුවීම ගැන මලීකා කිසිදු මාධ්‍යයකට ප‍්‍රකාශයක් ලබාදී තිබුනේ නැත.
නමුත් පසුගිය සතියේ ගොසිප් ලංකා නිවුස් මලීකා සමග විශේෂ සම්මුඛ සාකච්ඡුාවක් පවත්වන්නට සමත් වුණා.
දැන් ඇය කියන්නේ වෙනස්ම කතාවකි. එදා සිදුවූයේ විවාහයක් නොවන බව පවසන ඇය තමාට දරු තුන්දෙනෙකුගේ පියෙකු විවාහ කරගන්නට උවමනාවක් නැති බව කියනවා.
මිනිස්සු කතා හැදු නිසා දැන් සනත් සමග මිතුරු සම්බන්ධය පවා අතැරදමා ඇති බවත් වෙනත් විවාහයක් සොයන බවත් ඇය දැන් කියනවා.
සුපර් සික්ස් චිත‍්‍රපටයෙන් රසිකයින් අතරට පැමිණි මලීකා සනත්ට වඩා බෙහෙවින් ළාබාල වයස 28 ක්වන ශ‍්‍රීලන්කන් සමාගමේ ගුවන් සේවිකාවකි.
මින් ටික කලකට පෙර උසස් පෙළ හදාරන කාලයේ පටන්
සිටි පෙම්වතෙකු සමග 2012 වසරේ විවාහවන බව පුවත්පත්වලට පවසා තිබුණ නමුත් ඇය විවාහ වූ බවට කතා හැදුනේ සනත් ජයසූරිය සමගය.
දැන් ඇයට එම පෙම්වතාද නැති අතර ඇය සනත්ගේ හුටපටය ගැන
අප සමග කළ සම්මුඛ සාකච්ඡුාව පහත පරිදිය.

ඇත්ත කියන්න සනත් එක්ක ඔයා විවාහ වෙන්න ගියා නේද?
විවාහ වෙන්න ඉන්න එක්කෙනෙක් එක්ක මට කොහොමටත් විවාහ වෙන්න බෑ. ඉතින් ඒක ඔක්කොම දන්නවා.
එහෙනම් මොකක්ද එදා සිද්ධවුනේ
එහෙම දෙයක් නෙමේ අපේ බර්ත් ඬේ පාටියක් තිබ්බා ඒකෙදි තමයි ෆොටෝස් වගයක් අරගෙන මේව කරල තිබ්බෙ. ඒකට ඇරෙන්න දෙයක් නං එතැන වුනේ නෑ. එතැන නීතිමය ප‍්‍රශ්නයක් හරි නෑ. බැඳල ඉන්න කෙනෙක් බඳින්න බැහැ කියල නීතියෙන්ම මම දන්නවනේ. එහෙම දෙයක් නං වුනේ නෑ ඉතින්. කාටහරි ඔප්පු කරන්න පුළුවන්නම් එතැන විවාහයක් වුණා කියල මං කැමතියි ඉස්සරහට එන්න.

එහෙනම් ඇයි කතා හැදුනෙ?
මෙහෙම කථාවක් ගියා ඒත් කරන්න දෙයක් නෑ. මං ඒ කාලේ පත්තරේකටවත් මොකවත් කියන්න ගියේ නැත්තෙ වැඩක් නැති නිසා.
අපි ඇත්තටම ඉස්සර ඉඳලම අම්මල අඳුනනවා. ඒ යාළුකම තමා ගෙදරට තිබ්බෙ. ඒ යාළුකමට තමා ආවෙ ගියේ.
අපේ පවුලෙ මට අක්ක කෙනෙක් ඉන්නවා. අම්මායි තාත්තයි එක්ක තමා මං ඉන්නෙ. අපි පොඩි කාලෙ ඉඳල ආදරෙන් හැදුණ අය. මේ ප‍්‍රශ්නෙ නිසා ඒගොල්ලො හොඳටම වැටුණා. මිනිස්සු එහෙන් මෙහෙන් අහන්න ගත්තා ඇත්තද මේ දරුවො තුන්දෙනෙක්ගෙ තාත්ත කෙනෙක් බඳින්න යනව කියන්නෙ කියල. ඉතින් මිනිස්සු තේරුම් ගන්න  ඕන ඇත්ත දේ.

විවාහ වෙච්ච ක‍්‍රීකට් ක‍්‍රීඩකයො  ඕන තරම් ආයෙ බැඳල තියනවනෙ?
ඒක කරන්නෙ නෑ අයියෙ මොකද අපේ දෙමව්පියෝ කවදාවත් ඒවට කැමති නැහැ. මගේ අම්මත් කැමති නෑ.හරියට එගොල්ලන්ට ප‍්‍රශ්න ආවා මේ නිසා.
අපි අතරෙ එහෙම දෙයක් නෑ. යාළුකමට ආශ‍්‍රය තමා අන්තිමට ගියේ දුරදිග ගමනක්. ජීවිතේ ගෑනු ළමයෙකුට අවශ්‍යදේවල් තියනවා. විවාහය කියන දේ ඉස්සරහදි මට දරුවො තුන් දෙනෙක්ගෙ තාත්ත කෙනෙක් බඳිනවට වැඩිය. මගේ ජීවිතේ අවශ්‍ය කෙනෙක්ව බඳිනව හොඳයිනේ.

එතකොට දැන් සනත් එක්ක සම්බන්ධයක් නැද්ද? 
ඒත් දැන්නං ඒවගේ යාළුකමක්වත් තියාගන්න බෑ මොකද මිනිස්සු හිතන්නෙ ආ දැන් මෙහෙම නිසා දැන් එනව යනව කියල. ඇත්තටම දැන් එහෙම යාළුකමක්වත් නැහැ. කථාබහක්වත් නෑ මොකද වැඩක් නැති නිසා. මොකද එයාටත් හොඳ නැහැ එයා ළමයි තුන්දෙනෙක්ගෙ තාත්ත කෙනෙක්. ඒ ගැන හිතල ඇත්තටම ඒ අයියත් අපිත් එක්ක කතා කරලා.. මිනිස්සු මෙහෙම කතා හදන නිසා අපි කථා නොකර ඉමු කියල තීරණෙකට අපි ආවා. බඳින්න ඉන්න ගෑනු ළමයෙක්ගෙ ගෙදරට ඒවගේ කතා හැදිල ආවම එහෙම දෙයක් අවශ්‍ය නැති නිසා තමයි තීරණය ගත්තෙ.


එතකොට මාධ්‍ය හදපු කතා නිසාද ඔය දෙන්න වෙන් වුනේ?
ආශ‍්‍රය නැතිවුනේ මාධ්‍ය නිසා නෙමෙයි. මාධ්‍යයෙන්ම කියන්න බෑ. මිනිස්සු අනෙක් මිනිස්සුත් අහන්න ගත්තනෙ එහෙන් මෙහෙන්.
ඒවා නිසාම නෙමෙයි කොහොමත් එයා විවාහ වෙච්ච කෙනෙක්නේ එහෙම කෙනෙක් එක්ක මට විවාහ වෙන්න බෑනෙ.

මේ වගේ කතාවකින් ඔයාට කැලලක් වුණ බව හිතෙන්නෙ නැද්ද?
නමට කැලලක් වුණා ඉතින් ඇත්ත විස්තරේ දන්න මිනිස්සු දන්නවා. මොකද ඒ කාලෙ ඉඳල අපි ආස්සරේ කරපු කට්ටිය ඒගොල්ලො සනත් අයියල නිතර ආවා ගියා.
මං පොඞ්ඩක් මේකෙ සීන් එකට ආපු නිසා මිනිස්සු බැලූවා ඇයි මේ කියල කතා හදන්න.
කැලලක් නොවුණාමත් නෙමෙයි.ඒ ඇරෙන්න මුකුත් නෑ. ඒත් මිනිස්සු පස්සෙ දැනගනීයි මොකක්ද වුනේ කියල. මං රස්සාවෙන් අස්වුණයි කිව්වා ගොඩක් කතා හැදුවා.ඒත් මං රස්සාවෙ තාම ඉන්නවා.විවාහයකින් පස්සෙ තමා ඒකින් අස්වෙන්නෙ.

ඔයාට කතා හදපු අයට පියවරක් ගන්නවද?
ඒක ඉතින් උඩ ඉන්න දෙවි කෙනෙක් බලාගනී අපි බලන්න  ඕන නෑ

දැන් වෙනත් විවාහයක් කරගන්නවද?
වෙන විවාහයක් නෙමෙයි අම්මල කතා කරල තියනවා එකක්.. තව ටික දවසකින් එහෙම විවාහයක් සමහරවිට වෙයි ඉතින්.

මේ දවස්වල කරන වැඩ මොනවද?
රස්සාවට යනව.ඇඞ්වර්ටීස්මන්ට් වගයක් කරනව. ෆිල්ම් අනංමනං වලට නං ගෙදරින් යන්න දෙන්නෙ නෑ මේ ප‍්‍රශ්න නිසා. ඒ නිසා කිසිම දෙයක් කරන්නෙ නෑ. පොඩි පොඩි පොඩි වැඩ වගයක් කරනවා.

සනත් එක්ක දැන් තරහද?
අපි තරහක් නෑ.ඒත් ආශ‍්‍රයක් නෑ. එහෙම ආශ‍්‍රයක් යාළුකමක් තියා ගෙදට්ටවත් එන්න කියන්න බෑනෙ අපට මොකද දකින මිනිස්සු දැන් හිතන්නෙ මේ එන්නෙ මේ සම්බන්ධයක් ඇති නිසා කියලනේ. ඒනිසා කිසිම සම්බන්ධයක් දැන් නෑ.

සනත්ගෙ දැන් විවාහය ගැන මොනවද දන්නෙ?
එයා ඉන්නවා ඉතින්..එයාගෙ වයිෆ් ළමයි එක්ක දැන් හොඳින් ඉන්නවා..ඒගොල්ලො අතර ප‍්‍රශ්න ඇති..ඒ ගැන අපි දන්නෙ නැහැ. මං මගේ ජීවිතේ හොඳින් යනව මගේ අම්ම තාත්ත එක්ක.


Posted in:

0 comments for "සනත් අයියව මං බඳින්නෙ නෑ අපේ ආශ‍්‍රයක් දැන් නැහැ.. දරුවො තුන් දෙනෙක්ගෙ තාත්ත කෙනෙක් මට වැඩක් නෑනෙ ---- මලීකා කථා කරයි"

Leave a reply