ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ ආරම්භ කිරීම කාලයේ අවශ්‍යතාවක්‌ ඉටු කිරීමක් ---- අගමැති


අපේ රටට වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාව උග්‍රව දැනෙන අවස්‌ථාවක මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ ආරම්භ කිරීම කාලයේ අවශ්‍යතාවක්‌ ඉටු කිරීම බව අගමැති දි.මු. ජයරත්න මහතා පැවැසීය.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්ව යෝජිත ශික්‌ෂණ රෝහල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අගමැතිවරයා මෙසේද පැවැසීය. අපේ රටට වෛද්‍යවරුන්ගේ විශාල අඩුවක්‌ තිබෙනවා. අද මේ ආරම්භ කරන වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ රෝහල තුළින් මේ රටට විශාල සේවයක්‌ සිදුවන බව මගේ විශ්වාසයයි.
මහින්ද චින්තනය යටතේ මෙවැනි ආයතන අනාගතයේදී ආරම්භ කිරීමට අපේ රජය අදහස්‌ කරනවා.

මේ තුළින් රටේ විදේශ විනිමය ඉතුරු වෙනවා. මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට අදහස්‌ කරනවා. අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපන ගුණය දියුණු කිරීමෙන් රටේ අනාගතය යහපත් වනු ඇතැයි මගේ අවංක විශ්වාසයයි. මෙම ව්‍යාපාරයේ නිර්මාතෘවරයා අපේම රටේ බුද්ධිමත් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්‌. ඒකත් අපිට ඉතාම සතුටට කරුණක්‌. මේ සඳහා අභීතව, නිහතමානිව උරදුන් කෙනෙක්‌ තමයි අපේ උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා. ඒ මහතාටත් අපි ස්‌තූති කළ යුතු බවද අගමැති දි.මු ජයරත්න මහතා පැවැසීය.

Posted in:

0 comments for "මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ ආරම්භ කිරීම කාලයේ අවශ්‍යතාවක්‌ ඉටු කිරීමක් ---- අගමැති"

Leave a reply