ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ෆෝන් බිලත් ගෙවන්නැයි අද සිට දොස්තරලා අකුරට වැඩ


රටපුරා රෝහල් වල රජයේ ලියාපදිංචි හා සහකාර වෛද්‍යවරු සන්නිවේදන දීමනාවක් ඉල්ලා අද (8) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරත වෙයි.

ඒ අනුව තමන් අද (8) සිට රාත‍්‍රී සේවයෙන් සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල සේවයෙන් මෙන්ම ඇමතුම් රාජකාරිවලින් ඉවත්වන බව රජයේ ලියාපදිංචි හා සහකාර වෛද්‍යවරුගේ  සංගමයේ ලේකම් වෛද්‍ය මහින්ද ලියනගේ මහතා පැවසීය.

රජයේ ලියාපදිංචි හා සහකාර වෛද්‍ය  නිලධාරීන්ට සන්නිවේදන පහසුකම් සැපයිම හා බිල්පත් නිරවුල් කිරීම සම්බන්ධයෙන් චක‍්‍රලේකයක් සෞඛ්‍ය ලේකම්වරයා විසින් පසුගිය
වසරේ සැප්තැම්බර් මාසයේදී  නිකුත් කර ඇතත් එය මෙතෙක් බලාත්මක කර නැතැයිද වෛද්‍ය ලියනගේ මහතා සදහන් කළේය.

මෙම චක‍්‍රලේඛය ක‍්‍රියාවට නංවන තුරු තම වෘත්තීය ක‍්‍රියාමාර්ගය අත්හිටුවන්නේ නැතැයි කී ඒ මහතා එයින් රෝගීන්ට වන අපහසුතාවයට වත්මන් සෞඛ්‍ය බලධාරීන් ඝෘජුවම වගකිව යුතු බව ද කීවේය.

Posted in:

0 comments for "ෆෝන් බිලත් ගෙවන්නැයි අද සිට දොස්තරලා අකුරට වැඩ"

Leave a reply