PSY ගෙන් තවත් ලෝක වාර්තාවක්
ගීතයක් ප්‍රසිද්ධ කොට පැය 24 ක් ඇතුළත වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස ඔහුගේ නවතම gentlemen මෙලෙස වාර්තා පොතට එක්වී තිබේ. එය පළමු පැය 24 ඇතුලත මිලියන 20 ක් සහ පැය 40 ක් ඇතුලත මිලියන 51 ක් නරඹා ඇති අතර මේ වන විට එය මිලියන 86 පිරිසක් නරඹා ඇත.
මෙලෙස ඔහු බිඳ හෙළා ඇත්තේ මීට පෙර ජස්ටින් බීබර්ගේ Boyfriend ගීතය
තබා තිබූ වාර්තාවයි. එම ගීතය පළමු පැය 24 ඇතුළත නරඹා තිබූ ප්‍රමාණය මිලියන 08 කි.
සයිගේ Gangnam Style ගීතය මේ වන විට නරඹා ඇති ප්‍රමාණය බිලියන 1.5 කට අධිකය. එය මෙතෙක් යූටියුබ් වීඩියෝවක් නරඹා ඇති වැඩිම පිරිස වේ.
Posted in:

0 comments for "PSY ගෙන් තවත් ලෝක වාර්තාවක්"
Leave a reply