සුර සරදියෙල් පෝරකයට යවා මැයි 07 දිනට වසර 149 යි

ශ්‍රී ලංකාව එදා පාලනය කළ අගමැතිවරයෙකුගේ ඝාතනය හා සම්බන්ධයැයි තීරණය වූ සෝමාරාම භික්ෂුවට එල්ලුම් ගස නියම වී මරණ දඬුවම පමුණුවන්නට ප්‍රථම, හෙතෙම එතෙක් සරණගොස් සිටි ආගම අත්හැර පෝරකයට නැංගේ කතෝලික ආගම වැළඳගෙන “ජෝශප්” නමින්ය.ඒ පිළිවෙත තවදුරටත් අතීතයට එබි බලන විට ඒ අනුකරණයම ගෙන ගොස් කතෝලික ආගම වැළඳගෙන “ජෝශප්” නමින් පෝරකයට නැංග තවත් පුද්ගලයෙකු වන්නේ, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා ඒ ගැන වග තුග අසා දැන සිටින උතුවන්කන්දේ සූර සරදියෙල්ය. ඔහු පෝරකයට නැංගේ 1864 මැයි 07 වෙනිදා අද වැනි දිනකය.
සරදියෙල් සහ ඔහුගේ සගයා වූ මම්මලේ මරික්කාර් යන දෙදෙනාට පොලිස් කොස්තාපල් සබාහන් මරා දැමීයැයි චෝදනාව ඉදිරිපත් වී තිබිණි. එම නඩුව හා සම්බන්ධ විභාගය මහනුවර ශ්‍රේෂඨාධිකරණයේ ඇරැඹුණේ 1864 අප්‍රේල් 14 වැනි දිනය, තොම්සන් නමැති ඉංග්‍රීසි ජාතික විනිසකරුවෙකු විසින් විභාගය පවත්වන ලදී.
කොළඹ - මහනුවර මහා මාර්ගයේ රඹුක්කන කෑගල්ල මාර්ගය යාබදවන කරඬුපොත හන්දිය පසුකර මාවනැල්ල දෙසට ගමන් කරන විට වම් පැත්තේ ඇති ගස් - වැල් අතරින් දිස්වන ගල් පර්වතය දුටු පමණින්ම තොරතුරු දන්නා කොයි කාගේත් පාහේ මතකයට එන්නේ සූර සරදියෙල් සැඟවී සිටි උතුවන්කන්දය. මෙම කඳු සිකරය එදා ඉංග්‍රීසීන්
හැඳින්වූයේ කාසල් රොක් (ඛිඒඉඊඹ්ජ් අඛිම්) නමිනි. සරදියෙල් උපත ලැබුවේ. 1832 මාර්තු 25 වැනිදාය. ඔහුගේ පියා දීකිරි කෑගේ අදාසි අප්පුය. මොල්ලිගොඩ ගමේ පදිංච් සිටි පිචෝහාමි සරදියෙල්ගේ මවය, සොයුරු සොහොයුරියන් පස් දෙනෙකු අතරින් වැඩිමලා සරදියෙල්ය.
1864 මාර්තු 21 දින මාවනැල්ල කාදර් නමැත්තාගේ නිවස පොලිසියෙන් වැටලීම සිදු කිරීමේදී එහි සිටි මම්මලේ මරික්කාර්ගේ වෙඩි පහරකින් සබාහන් නමැති පොලිස් නිලධාරියා මිය ගියහ. පසුව අනිත් පොලිස් නිලධාරීන් එල්ල කළ වෙඩි පහරකින් සරදියෙල්ට තුවාල සිදුවිණි. සරදියෙල් සහ මම්මලේ අශ්ව කරත්තයක පටවා හමුදා රැකවරණය යටතේ මහනුවරට ගෙන යන ලදී.
තොම්සන් විනිසකරුතුමන් ඉදිරියේ පවත්වන ලද නඩු විභාගයකින් පසු වරද කරුවන් වූ සරදියෙල් හා මම්මලේට මරණ දඬුවම නියම කරන ලදී. 1864 මැයි 4 දිනට එල්ලා මැරීමට නියෝග කළද, කිසියම් හෝ හේතුවක් නිසා මැයි මස 07 දින මහනුවර ප්‍රසිද්ධ වෙළෙඳපොළ ඉදිරීයේ බෝගම්බර සිර ගෙදරදී වෙඩිතබා මැරීමට නියම කෙරිණි.
රඹුක්කන කේ.ජී.ඩී. පියතිලක
කඩිගමුව කෝනාර - රඹුක්කන
0 comments for "සුර සරදියෙල් පෝරකයට යවා මැයි 07 දිනට වසර 149 යි"
Leave a reply