ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අසාද් සාලි ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල් දැමේ


රහස් පොලීසිය විසින් රඳවාගෙන සිටින කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි, තමා නිදහස් කරන ලෙස ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ශ්‍රේස්ටාධිකරණය විසින් කල් දැමිණ.

ශ්‍රේස්ටාධිකරණය විසින් පෙත්සම කැඳවූ අවස්තාවේදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ අදාළ පෙත්සම පිළිබඳව කරුණූ හැදෑරීම සඳහා කල් අවශ්‍ය බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී යයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අසාද් සාලි, සිය නීතිඥවරිය මාර්ගයෙන් අදාළ
පෙත්සම ඉදිරිපත් කොට තිබේ.

නඩු විභාගය අවසන් වීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ අසාද් සාලිගේ දියණිය, අමීනා අසාද් සාලි ප්‍රකාශ කළේ අසනීපව රෝහල් ගත කොට සිටින සිය පියා තවමත් ආහාර ගැනීමෙන් වැළකී සිටින බවයි

Posted in:

0 comments for "අසාද් සාලි ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල් දැමේ"

Leave a reply