ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

හතළිස් හැවිරිදි කාන්තාවකගේ නිරුවත් සිරුර ගල්වලක් තුළ

අලව්ව ප්‍රදේශයේ ඉඩම් හිමි හතළිස් හැවිරිදි කාන්තාවකගේ නිරුවත් සිරුර ඇයට අයත් අක්කර 30ක ඉඩමක ගල්වලක් තුළ තිබී සොයාගෙන ඇත.පොලිස් මාධ්‍ය ඒකකය පැවැසුවේ එම කාන්තාවගේ මළ සිරුර පෙරේදා උදේ පොලිසිය විසින් සොයාගත් බවයි.
මෙසේ මියගොස් ඇත්තේ නාලනී දිසානායක නමැති කාන්තාවකි. ඇයට අයත් අලව්ව ප්‍රදේශයේ පිහිටි වෙලන්ගහවත්ත ඉඩමකට පෙරදින ඇය ගොස් ඇති අතර එදින සවස් වනතෙක් ඇයගේ නිවෙස පිහිටි කැප්පෙටිවලාන ප්‍රදේශයට ගොස් නොමැති බව හෙළි වී තිබේ.
ඇයගේ මළ සිරුර පොල් වත්තක පොල් වළක තිබෙන බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලැබුණු දුරකතන
ඇමැතුමක් මත ඊයේ දහවල් 11ට පමණ එම මළ සිරුර සොයාගත් බව පොලිසිය පැවැසීය.ඒ පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පොලිසිය කටයුතු යොදා තිබේ.

Posted in:

0 comments for "හතළිස් හැවිරිදි කාන්තාවකගේ නිරුවත් සිරුර ගල්වලක් තුළ"

Leave a reply