එන්.එස්.කේ. ගෲප් ඉඩම් හොරා දැලේ නිවසේ තිබී අනුන්ගේ ඉඩම් ඔප්පු 50 ක් හසු වෙයි
ප්‍රබල දේශපාලනඥයන් සමීපව ඇසුරු කරන එන්.එස්.කේ. ගෲප් නමැති ව්‍යාපාරය හිමි මෙම පුද්ගලයා සිදු කර ඇති මහා පරිමාණ වංචාවල වටිනාකම මෙතෙක් තක්‌සේරු කර නොමැත. සමාජයේ ප්‍රභූ පුද්ගලයකු ලෙස සහ කෝටිපතියකු ලෙස පෙනී සිටි මෙම සැකකරුට අයත් කඳාන ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවස වැටලූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහි තිබී වටිනා ඉඩම් 50 කට අයත් ඔප්පු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පමණක් මොහුට
එරෙහිව පැමිණිලි 5 ක් ලැබී ඇත.
ඉඩම් උකසට ගැනීමට අමතරව සින්නවන ඉඩම් බේරා දෙන බව කියමින් ද මොහු ඉතාම වංචනික ලෙස අහිංසක පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.
ව්‍යාපාර කීපයක්‌ම පවත්වාගෙන යන සැකකරු කාලයක සිට විවිධ පුද්ගලයන් රවටමින් රුපියල් කෝටි ගණනකින් මුදල් වංචාකර ඇති බව හෙළි වී ඇත.
සැකකරු මීට ඉහතදී ද රුපියල් අසූ හත් ලක්‍ෂයක මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහරිනු ලැබූ පුද්ගලයෙකි.
මොහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සුදත් නාගහමුල්ල, සහකාර පොලිස් අධිකාරි සේනක කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වික්‍රමසේකර මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
.jpg)
0 comments for "එන්.එස්.කේ. ගෲප් ඉඩම් හොරා දැලේ නිවසේ තිබී අනුන්ගේ ඉඩම් ඔප්පු 50 ක් හසු වෙයි"
Leave a reply