පෞද්ගලික රෝහල් හා ෆාමසිවලින් කල් ඉකුත් වූ බේත් ගබඩා 6ක්
පාරිභෝගික අධිකාරිය විසින් මේ දිස්ත්‍රික්ක පහේ පෞද්ගලික ආරෝග්‍ය ශාලා සහ ඔෟෂධ අලෙවිසල් 35ක් පමණ 13දා වන විට පරීක්‍ෂාවට ලක් කර තිබේ.
ඉදිරියේදී මෙසේ කල් ඉකුත් වූ ඔෟෂධ හමුවූ ආරෝග්‍ය ශාලාවලට සහ ඔෟෂධ අලෙවිසල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරියේ සභාපති රූම් මර්ෂුක් මහතා කීය.
දිගින් දිගටම තමා වෙත ලැබුණු මහජන පැමිණිලි මත මේ කල් ඉකුත් වූ ඔෟෂධ සොයා බැලීමේ වැටලීම් සිදුකළ බවත් දිවයින පුරාම ඇති සියලුම පෞද්ගලික ආරෝග්‍යශාලා සහ පෞද්ගලික
ඔෟෂධ අලෙවිසල් පරීක්‍ෂාවට ලක් කරන ලෙසට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ නියෝගයකට අනුව මෙය ක්‍රියාත්මක කළ බවත් සඳහන් කෙළේය.

0 comments for "පෞද්ගලික රෝහල් හා ෆාමසිවලින් කල් ඉකුත් වූ බේත් ගබඩා 6ක් "
Leave a reply