වීරවංස සිව සේනා කුක්කෙක් - බොදු බල සේනා

විමල් වීරවංස යනු ජාතිකත්වයේ සළු පිළි පොරවාගත් අවස්ථාවාදියෙකු බවත් සිංහලයා වෙනුවෙන් කිසිදු වැදගත් මෙහෙවරක් සිදුකොට නැති ඔහුට ඉන්දියාවේ ශිව සේනා සංවිධානය සමග සමිප සම්බන්ධතාවයක් ඇතැයි පිළිගත හැකි සාක්කි රැසක් තමන් සතු බවත් බොදු බල සේනා සමිතිය පවසයි.
13දා මාධ්‍ය හමුවේ අදහස් පල කල බොදු බල සේනා සමිතියේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැඩිදුරටත් පැවසුයේ බුදුන් වහන්සේ ලංකාවේ උපන් බවට ප‍්‍රචාරයක් ගෙනයන කල්ලියක ප‍්‍රබල සමාජිකාවක ලෙස විමල් වීරවංසගේ පි‍්‍රය බිරිද කටයුතු කරන බවයි.
එමෙන්ම නොර්වේ රාජ්‍යයේ ආධාර උපකාර මත පිහිටුවා ඇති බොදු බල සේනා සමිතිය බටහිර රූකඩයක් ලෙස හැදින්වීම සම්බන්ධයෙන් අදහස් පල කල ඥාණසාර හිමියන් පැවසූයේ බොදුබල සේනා යන නමින් තමන් කිසිදු උපකාරයක් නොර්වේ රටින් ලබාගෙන නැති බවයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශී‍්‍ර ලංකාවේ නොර්වේ තානාපති කාර්යාලය පවසන්නේ වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක ආවරණය යටතේ 2011 වසරේදි නෝර්වේ රාජ්‍යයේ සංචාරය කල බොදු බල සේනා ප‍්‍රධානීන්ට තම රජය විසින් මානුෂීය පදනමින් නොයෙකුත් ආකාරයේ ආධාර උපකාර කල බවත් එමෙන්ම නොර්වේ හි සිටින දෙමළ ඩයස්පෝරා ප‍්‍රධානීන් හා දින 7 ක සාකච්ඡ වටයක්ද සුදානම් කර දුන් බවත්ය.
මේ අතර යුරෝපයෙන් ලැබෙන තොරතුරු වාර්තා අනුව LTTE සංවිධානයේ ඉතිරිවී සිටින ප‍්‍රබලතම සන්නද්ධ නායකයා යැයි සැලකෙන නෙදියවන් නැමැත්තාගේ එක් ආරක්ෂිත නවාතැන්පොලක් නොර්වේ රාජ්‍යයේ පිහිටා ඇතැයි වාර්තා වේ.
0 comments for "වීරවංස සිව සේනා කුක්කෙක් - බොදු බල සේනා"
Leave a reply