අද නාට්‍යවල රසය විතරයි ගුණය නැහැ ---- කෞශල්‍යා ප්‍රනාන්දු
“මම කලාවට පිවිසුණේ අම්මාගේ නාට්‍ය වලින්. ඒ වගේ ම ප්‍රවීණ නාට්‍යවේදීන් වන සුගතපාල ද සිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක යන අයගේ නාට්‍යවල රඟපෑවා. මට මතකයි ‘විකෘති’ නාට්‍යය ඒ කාලේ ලංකාව පුරාම පෙන්නුවා. ඊට පසුකාලෙත් මේ වගේ නාට්‍යවලට හොඳ ප්‍රතිචාර තිබුණා.
දැන් එහෙම නැද්ද?
දැනුත් වේදිකා නාට්‍යවලට ප්‍රේක්ෂකයෝ ඉන්නවා. නමුත් දැන් තියෙන රුචිකත්වය වෙනස්. අද තිබෙන්නේ රැල්ලක්. මෙගා ටෙලිනාට්‍ය, රියැලිටි ෂෝ... ආදී වශයෙන් ක්ෂණික දේවල් තිබෙන්නේ. එහෙම බැලුවම රුචිකත්වයත් ක්ෂණිකයි. හරියට ටේක් අ වේ කෑම වගේ. රසය විතරයි ගුණයක් නැහැ.
නමුත් අද ඉස්සරට වඩා නාට්‍ය බලන්න අය එනවා. ඉස්සර වගේ ගමන් බිමන් යන්න දැන් බයක් නැහැනේ. නමුත් මිනිසුන්ට ඕන වෙලා තියෙන්නේ ක්ෂණික රසයක් ඔවුන් නාට්‍යයක් විදලා ගැඹුරු අත්දැකීම් ලබන්න කැමැති නැහැ. ඒ නිසා මට දැනෙන දෙයක් තමයි අද ගුණාත්මක බවින් යුතු ගැඹුරු දැක්මක් ඇති නාට්‍ය බලන්න කෙනෙක් නැහැ.
මේ තත්ත්වය වෙනස් කරන්න බැරිද?
බැරි නැහැ. මේ කාර්යය පටන් ගත යුත්තේ පොඩි කාලේ ඉඳලා. ළමයාට හොඳ කලා නිර්මාණ රස විඳින්න, නාට්‍ය, චිත්‍රපට බලන්න හොඳ පොතක් බලන්න අවස්ථාව සලසා දිය යුතුයි. මම ලෝකයේ නොම්බර එකේ චිත්‍රපට උලෙළ දෙකකට සහභාගි වී තිබෙනවා. ඒ තමයි ප්‍රංශයේ කාන් චිත්‍රපට උලෙළ හා ඉතාලියේ වෙනිස් චිත්‍රපට උලෙළ. මම එහිදී දැකපු දෙයක් තමයි මේවාට මිනිසුන්ගේ සහභාගිත්වය ඉතාම ඉහළයි. ඒ චිත්‍රපට උලෙළ තිබෙන කාලයට ඒ නගරයම ඒ වෙනුවෙන් වෙන්වෙලා. ඒ වගේ ම තමයි මම එක් අවස්ථාවක කේරළ චිත්‍රපට උලෙළකට සහභාගි වූහ. එවිට එහිදී පෙන්නුවේ ඉන්දියාවේ චිත්‍රපට නොවෙයි. නමුත් ඒ මිනිස්සු වෙනත් රටවල චිත්‍රපට බලන්න ආවා. ඒත් අපේ රටේ රාජ්‍ය නාට්‍ය උලෙළ පැවැත්වෙද්දී එය බොහෝ ම නිහඬව පැවැත්වුණේ. එයට ලැබුණු ප්‍රචාරය ප්‍රමාණවත් නැහැ කියන එක මගේ විශ්වාසය.
දැන් අපේ රටේ මිනිස්සු ක්‍රිකට් තරග බලන්න කැමැතියි. එහෙම වුණේ ඒවා රූපවාහිනිවල පෙන්නලා පෙන්නලා. ඉන්පසුව ඒ අය ගැන ගුවන් විදුලියේ රූපවාහිනියේ පත්තරවල තොරතුරු පළවෙලා. මිනිස්සු දැන් ක්‍රිකට් තරග බලන්න හුරුවෙලා ඉන්නේ. අපේ රටේ වේදිකා නාට්‍ය ගැනත් මිනිසුන් තුළ හුරුවක් ඇති කළ යුතුයි.කෞශල්‍ය නිළියක්. නාට්‍ය නිෂ්පාදිකාවක් වගේ ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක්.
කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උගන්වනවා. ඒ වගේ ම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි උගන්වනවා.
ඊට අමතරව ඔබ නාට්‍ය පාසලක් පවත්වාගෙන යනවා නොවේද?
මේ නාට්‍ය පාසල 1980 අවුරුද්දේ දී ආරම්භ කළේ මගේ මව. මෙය ආරම්භ කළේ ළමයින් හා තරුණ පිරිස වෙනුවෙන්. “ලංකා ළමා හා යොවුන් නාට්‍ය පදනම. මේ සඳහා නාට්‍ය නිර්මාණකරණයේ යෙදෙන්නට කැමැති අයට අපත් සමඟ එක්වන්නට පුළුවන්. පාඨමාලාව හරහා නාට්‍ය පිටපත් රචකයින්, නළු නිළියන් ආදිය බිහිවෙලා තිබෙනවා. ‘නව පාඨමාලා’ සඳහා මේ දිනවල බඳවා ගැනීම් සිදු කැරෙනවා.
ඇගේ ලිපිනය.
කෞශල්‍යා ප්‍රනාන්දු, අංක 166/1, පාර්ලිමේන්තු පාර, කුඹුක්ගහදුව, කෝට්ටේ.
ඉනෝකා සමරවික්‍රම

0 comments for "අද නාට්‍යවල රසය විතරයි ගුණය නැහැ ---- කෞශල්‍යා ප්‍රනාන්දු"
Leave a reply