ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

කිඹුලාට බිලිවූ මවගේ සිරුරේ කොටස් හමවෙලා



පසුගිය 12 දා දඹාන උල්හිටිය ඔයෙහි දිය නාමින් සිටියදී කිඹුලකු විසින් ඩැහැගෙන ගිය කාන්තාවගේ සිරුරේ අතක කොටසක් ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය ධීවර ගම්මානයේ ධීවරයකුට උල්හිටිය ජලාශය මැද පාවෙමින් තිබියදී 15 වැනිදාහමුවී ඇත.

එම අතෙහි කොටස කිඹුලා විසින් ඩැහැගෙන ගිය කාන්තාවගේ පවුලේ උදවිය විසින් හඳුනාගෙන ගත්හ.

කිඹුලන් සිටීම හේතුවෙන් නාවික හමුදාවේ කිමිදුම් අංශයේ නිලධාරීන් පැමි”ම ප‍්‍රතික්ෂේප කළ අතර මහියංගණ පොලිසිය හා වනජීවි නිලධාරීන්, ගම්වාසීන් එක්ව ඇගේ සිරුර සොයා දින 3 ක් පරීක්ෂණ සිදු කළත් සිරුර
හමුවූයේ නැත.

පසුගියදා දඹාන 52 කණුව කුඹුරුවෙල්යාය ප‍්‍රදේශයේදී උල්හිටිය ඔයේ පසුගිය 12 දා සවස දිය නාමින් සිටි කාන්තාවක් කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් තිබිණි. මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූයේ ජී. එම්. ලලිතා නම් වයස අවුරුදු 39 ක තිදරු මවකි.

Posted in:

0 comments for "කිඹුලාට බිලිවූ මවගේ සිරුරේ කොටස් හමවෙලා"

Leave a reply