මව දරුවන් ළිඳට දමයි , තිදෙනාම මියයති
17 දා උදැසන සියදිවි නසා ගැනීමේ චේතනාවෙන් වවුනියාව තාන්ඩිකුලම් ප්‍රදේශයේ මවක් තම දරු තිදෙනා ළිඳකට දමා ඇයද එම ළිඳට පැන ඇත. මෙහිදී වයස අවුරුදු හතරේ තුනේ හා අවුරුදු එකහමාරක් වයසැති ගැහැණු ළමයින් තිදෙනෙක් මිය ගොස් ඇත. ගම්වැසියන් විසින් මව බේරා ගෙන ඇති අතර වවුනියාව පොලිසිය විසින් ඇය අත් අඩංගුවට ගෙන තිබේ.
මානසික ආබාධයකින් පෙලුන මවක් අද උදේ සිය දරුවන් තිදෙනා ළිඳකට දමා ඇයද ළිඳට පැන සියදිවි නසා ගන්නට උත්සහ දරා ඇති අතර මවගේ දිවි බේරී දරුවන් තිදෙනා ජීවිතක්ෂයට පත් වී තිබේ. සිද්ධිය වාර්තා වන්නේ වව්නියාව,පාඬිකුළම් ප්‍රදේශයෙනි. මෙම කාන්තාව දෙමළ ජාතික කාන්තාවක් වන අතර ඇගේ සැමියා සුමනසිරි විජය කුමාරතුංගයි. මොහු 16දා පෙරවරුවේ වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගොස් එහි නිලධාරින් හමු වී පවසා ඇත්තේ සිය බිරිඳ මානසික ආබාධයකින් පෙළෙන බැවින් දරුවන් තිදෙනා රැක බලා ගැනීම කළ නොහැකි බැවින් දරුවන් සුදුසු ළමා නිවාසයක
නේවාසිකව තබන්නට කටයුතු යොදන ලෙසයි.
අනතුරුව ඔහු වව්නියාව මහා රෝහලට ගොස් බිරිඳගේ මානසික අබාධයට අවශ්‍ය කරන බේත් වර්ග කිහිපයක්ද ලබා ගෙන යළි නිවසට පැමිණ තිබෙන බව කියයි.
අද උදේ ඔහු ළමා නිවාසයක් සොයා ගන්නට ගිය අවස්ථාවේ මෙම ඛේදවාචකය සිදු වී තිබේ. වයස අවුරුදු එකහමාර , තුන සහ හතරක් වන ගැහැණු දරුවන් තිදෙනා නාවන්නට ළිඳට රැගෙන යන බව පවසා පිට වී ගිය මෙම කාන්තාව දරුවන් තිදෙනා පළමුව ළිඳට දමා ඇත.
අනතුරුව ඇයත් ළිදට පැන ඇති අතර දියේ ගිලෙද්දී ඇය ලණුවේ එල්ලී කෑ ගසන්නට පටන් ගෙන තිබේ. එම අවස්ථාවේ රැස් වූ අසල්වාසීන් විසින් කාන්තාව ගොඩට ගෙන ඇත. දරුවන්ගේ සිරුරු තවමත් ගොඩට ගෙන නැත. මෙම කාන්තාවට තවත් දරුවන් දෙදෙනෙක් සිටින අතර සිද්ධිය වන අවස්ථාවේ එක් දරුවෙක් පාසල් ගොස් සිට ඇත. අනෙක් දරුවා ආත්තම්මා භාරයේ පසු වේ. මේ වනවිට කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන සිටී.

Posted in:
තිදෙනාම මියයති,
මව දරුවන් ළිඳට දමයි

0 comments for " මව දරුවන් ළිඳට දමයි , තිදෙනාම මියයති"
Leave a reply