ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

පින්නවල අලියෙක් සේවකයෙකුගේ පිටකොන්ද හපා කාලා

පින්වල අලි අනාථාගාරයේ සේවකයෙකුට අලියෙකු විසින් පහර දී හපා කෑමෙන් පසු බරපතල තුවාල ලබා කෑගල්ල ‍මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.16 මෙම අලියා නහවා ගෙනැවිත් බැඳ සවස 4 ට පමණ රාත්‍රී කෑම වේල දී ජලය ලබා දීමට යාමේදී අලියා විසින් පහර දී, හපා කා ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය. මෙම පුද්ගලයා අලියාට ජලය දෙන්නට පහත් වී තිබේ. එම අවස්ථාවේ දී පහර දී පිටකොන්ද හපා කා ඇත. අලියාගේ දත් පහර බරපතල ලෙස පිටකොන්දට වැදී ඇතැයි දැන ගන්නට තිබේ. මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ පින්නවල අලි අනාථාගාරයේ සේවකයෙකු වන රඹුක්කන කොටගම පදිංචි 32 හැවිරිදි මංගල උශාන්ත නැමැති අයෙකි. අලියා තරමක් දරුණු අලියෙකු බවද පැවසේ. වැඩිදුර පරික්ෂණ රඹුක්කන පොලිසිය මගින් සිදු කෙරේ.

Posted in:

0 comments for "පින්නවල අලියෙක් සේවකයෙකුගේ පිටකොන්ද හපා කාලා "

Leave a reply