ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ලාංකිකයින් අමෙරිකාවට ඇද්ද ජාවාරමක් හෙළිවෙයි


ශ්‍රී ලාංකිකයින් සහ ඉන්දියානුවන් අමෙරිකාවට නීති විරෝධීව රැගෙන යාමේ ඉක්වදෝරයේ සිට ක්‍රියාත්මක වු ජාවාරමක තොරතුරු හෙළිව තිබේ.
මාස 2 ට අධික කාලයක් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ ජාවාරම මෙහෙය වු පුද්ගලයින් හය දෙනෙකු ඉක්වදෝර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම පුද්ගලයින් අතර ඉන්දීය ජාතිකයින් තිදෙනෙක් සහ ඉක්වදෝර සංක්‍රමණ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු ද වන බව සඳහන්ය.
ඔවුන් විසින් අමෙරිකාවට එක් පුද්ගලයෙකු රැගෙන යාම සඳහා ඩොලර් 5,000 ක මුදලක්
ලබාගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිට ඉක්වදෝරයට රැගෙන යන නීති විරෝධී සංක්‍රමණිකයින් පළමුව මධ්‍යම අමෙරිකාව වෙතත් එහි දින කිහිපයක් රඳවා තැබීමෙන් අනතුරුව අමෙරිකාව වෙතත් රැගෙන යන බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී අමෙරිකානු ඩොලර් ලක්ෂයකට ආසන්න මුදලක් සහ පරිගණක උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Posted in:

0 comments for "ලාංකිකයින් අමෙරිකාවට ඇද්ද ජාවාරමක් හෙළිවෙයි"

Leave a reply