සනි ලියොන් තව දුරටත් අසැබි දර්ශනවල රඟපෑවහොත් ඇයව නීතිය ඉදිරියට පැමිණවිය යුතුයි
මේ නළු නිළියන් අතරින් වැඩිම චෝදනා ලබා සිටින්නේ සනි ලියොන්. බොලිවුඩ් පුරයට මෑතක දී එක්වූ සනි ලියොන් කෙබඳු මට්ටමක සිටි නිළියකදැයි කවුරුත් දන්නවා. අසභ්‍ය චිත්‍රපටවල රඟපෑමෙන් පසුව බොලිවුඩ් සිනමාවට එක්වූ මේ සුරූපිනියගේ අනුරාගි රැඟුම් බොහෝ දෙනාගේ විවේචනයට ලක්වී තිබෙනවා. වත්මන් ඉන්දියාව තුළ පැතිරී යන කාමුක අපරාධවලට සනි ලියොන් වැනි අයගේ අසැබි රැඟුම් ද හේතුවක් වී ඇතැයි ඔවුන්ගේ මතයයි.
නවදිල්ලියෙහි වෙසෙන 41 වියැති පියකු වන වස්වානි නමැත්තා ප්‍රකාශ කළේ සනි ලියොන් තව දුරටත් අසැබි දර්ශනවල රඟපෑවහොත් ඇයව නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවයි. ඔහු මෙන්ම තවත් බොහෝ දෙනකු සනිට දොස් පවරද්දී ඒවාට පිළිතුරු දෙන්නට ඇය, පසුගිය සඳුදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වුණා. ඇය එහිදී පැවසුවේ තමන්ගේ රංගන සහ කාමුක අපරාධ අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි. රඟපෑ අසැබි චිත්‍රපටවලට පවා ‘සුදු හුණු ගාන්නට’ ඇය එහිදී උත්සාහ කළා. “මේ චිත්‍රපට වල තියෙන්නෙ හැබෑ ලෝකයේ දේවල් නෙමෙයි. මේවා විනෝදාත්මක චිත්‍රපට. මේවා නිසා ස්ත්‍රී දූෂණ සිද්ධ වෙන්නෙ නැහැ. ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීලා ඒ අයට තේරුම් කරලා දෙන්න ඕනෙ, හොඳ නරක මොනවද කියලා.” සනි එලෙස කියද්දී එම වැඩ සටහනට එක්වූ ජනප්‍රිය නළු ජෝන් ඒබ්‍රහම් කීවේ යම් යම් දේ තහනම් කළ පමණින් ස්ත්‍රී දූෂණ නැවැත්විය නොහැකි බවයි. සමාජය තුළ කාන්තාවන් කෙරෙහි පවතින ආකල්පවල වෙනසක් අවශ්‍ය බවත් ඔහු පැවසුවා.
කොහොම වෙතත්, සනි සහ ජෝන් ගේ මේ මතවලට සුබවාදී ප්‍රතිචාර නම් මෙතෙක් ලැබී නැහැ. සනිට නම් දිගින් දිගටම දොස් අහන්නට සිදුවෙලා. එවැනි වාතාවරණයක් ගොඩ නැගෙද්දී ඇයට පිටරටවල සංචාරය කරන්නටත් නොහැකි වෙලා. පසුගිය 26 දා සනි සූදානම්ව සිටියේ ඩුබායි රාජ්‍යයේ පැවැත්වීමට නියමිත සජීවී ප්‍රසංගයකට සහභාගි වෙන්නයි. එරට රාත්‍රී සමාජ ශාලාවකයි, මේ ප්‍රසංගය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණේ. එහෙත්, අන්තිම මොහොතේ දී එය අවලංගු කිරීමට ඩුබායි සංචාරක කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කළා.
ප්‍රසංගය සංවිධානය කළ ප්‍රිමියර් ප්‍රඩක්ෂන් සමාගමේ ප්‍රධාන විධායක ජාවෙඩ් ශාෆි පැවසුවේ මේ වෙනුවෙන් ටිකට් පත් විශාල ප්‍රමාණයක් අලෙවි කර තිබූ බවයි. “ඩුබායි සංචාරක දෙපාර්තමේන්තුව ගත්ත තීරණයට මම හිස නමනවා. නමුත්, අවසන් ෙමාහොතේදි ගත්ත මේ තීරණය නිසා අපි හැමෝම ලොකු අමාරුවක වැටුණා. ටිකට් ගත්ත අයට ආපහු සල්ලි ගෙවන්න අපිට සිද්ධ වුණා.” ජාවෙඩ් ශාෆි පැවසුවා.
මේ ප්‍රසංගයට ජෝන් ඒබ්‍රහම්, අනිල් කපූර් සහ තුෂාර් කපූර් ද සහභාගි වෙන්නට නියමිතව සිටි බවයි ආරංචි. ඒ තිදෙනා ද මේ තීරණයෙන් පසුව නැවතත් ඉන්දියාව බලා පිටත්වුණා. ප්‍රිමියර් ප්‍රඩක්ෂන් සමාගමේ අරමුණ වී තිබුණේ සනි රඟපෑ චිත්‍රපටවලට ප්‍රචාරයක් ලබාදීම සඳහා ඇයගේ සජීවි ප්‍රසංග ඩුබායි හි පැවැත්වීමටයි. ඒ වුණත්, දැනට මතුවී ඇති තත්ත්වය යටතේ සනිට ඩුබායි යන්නට නම් හැකි වන්නේ නැහැ. සමහර විට භාරත සමාජයෙන් එල්ල වූ බලපෑම් මීට හේතුවක් වන්නට ඇති.





0 comments for "සනි ලියොන් තව දුරටත් අසැබි දර්ශනවල රඟපෑවහොත් ඇයව නීතිය ඉදිරියට පැමිණවිය යුතුයි"
Leave a reply