ගොරකා ගහ යට කුරුමිටි අවතාර
පොලිස් කොස්තාපල්වරයකු ලෙසට සේවයට බැඳුණු 'බොනී' පුහුණුව සඳහා පොලිස් අභ්‍යාස විද්‍යාලයට ගියේය. ඒ මීට හරියටම වසර හතළිස්එකකට උඩදීය. අභ්‍යාස විද්‍යාලයේ නේවාසික පහසුකම් තිබුණත් ඔහු නතරව සිටියේ අභ්‍යාස විද්‍යාලයේම නිල නිවාසයක ජීවත් වූ ඔහුගේම මාමා කෙනකු වූ පොලිසියේ උසස් නිලධාරියකුගේ නිවෙසේය. එය අපූරු තැනක පිහිටි නිවෙසකි. සැලකිය යුතු උසකින් යුත් එම ස්ථානයට පහළින් ප්‍රධාන මාර්ගයද ඒ සමඟ වැවද පිහිටා තිබිණි.
බොනී නිවෙසේ සිටින බොහෝ රාත්‍රිවල පැය ගණනක් තිස්සේ නිවෙස ඉදිරිපිට අරලිය ගස් සෙවණ යට ලී බංකුව මත වාඩිවී වැව දෙස බලා සිටීම පුරුද්දක් කොට ගෙන තිබුණේය. එයද එවැනි දවසකි. සුපුරුදු බංකුව මත වාඩිවී වැව දෙස බලා සිටිමින් කල්යල් ඇරියේ නිදි දෙව්දුව තමන් කරා තුරුලුකර ගන්නට කාලය එනතුරුය. වැවට වැටී තිබුණු සිහින් සඳ එළිය ලතාවකට රිද්මයක් නංවමින් තිබුණේය. බොනී සිටියේ එය රසවිඳිමින්ය. හිටි හැටියේ වැවට වැටී තිබූ හඳ එළිය වසා අඳුරකින් වැසී ගියේය. ඊළඟ මොහොතේ ඔහු දුටුවේ කුඩා දරුවකුගේ මෙන් රුවක් වැව ගැට්ටේ සිට පාරට ගොඩවෙන අයුරුය. එවර පාරට ගොඩවුණු ඒ කළුවන්
සේයාව බොනී දුටුවේ අඟුටුමිට්ටකු මෙන්ය. ඊළඟ මොහොතේ අඟුටුමිටි රුව බොනී සිටි කඳු ගැට්ටට ගොඩවී ඉහළට ඇදී එනු ඔහු දුටුවේය. මෙතෙක් දැඩි වුවමනාවකින් ඒ දෙස බලා සිටි බොනීගේ සිතට අමුතු හැඟීමක් එක් කෙළේය. ඔහුගේ ගත ගිරිගඩු පිපෙන්නට පටන් ගත්තේය. සෙමෙන් කාමරය තුළට රිංගාගත් බොනී ෙදාරේ යතුරු හිලෙන් එළිය බැලුවේ සිතට නැඟුණු චකිතය නැති කර ගන්නටය. එහෙත් තම කාමරය දෙසට ඉදිරියෙන් අඟුටුමිටි රුව සිටගෙන සිටියේ බොනීගේ කාමරය දෙස බලාගෙනමය.
උසින් අඩි එකහමාරකට නොවැඩි එම රුවේ හිස සාමාන්‍ය මිනිසකුට වඩා ලොකුය. බඩගෙඩියද ඉදිරියට නෙරා තිබූ අතර අඩියක් පමණ තරමට දිවක් වැනි යමක් කටින් එල්ලී වැටෙමින් තිබිණි. බොනීගේ අරලියගහ යට නිදි වැරුමට නැවැතුම වැටුණේ එලෙසය.
බොනී සිටියේ පොතක් කියවමින්ය. ඒ වන විට සාලයේ එල්ලී තිබූ බිත්ති ඔරලෝසුවෙන් ෙදාළහේ කණිසම වැදී පැයකටත් වැඩි වේලාවක් ගතව ගොස් තිබිණි. හදිසියේම බොනී දුටුවේ තම කාමරෙන් ජනේලය පසුකොට කිසිවකු ගමන් කරන සේයාවකි. පසුගිය සිදුවීම තුළින් ලබාගෙන තිබූ පන්නරය තුළින් මෙය යම්කිසි අදෘශ්‍යමාන බලවේගයක විකාරයක් බව තේරුම්ගත් ඔහු සෙමෙන් එම රුව පසුපස ඇදී යන්නට උත්සාහ කෙළේය. පර්චස් දහයක තරම් දිගින් යුත් නිවෙසේ පිටතින් වැටී තිබූ කොරිඩෝව දිගේ අමනුෂ්‍ය සෙවණැල්ල සෙමෙන් ඉදිරියට ඇදෙමින් තිබුණේය. අනතුරුව පිටතින් තිබූ ගබඩා කාමරයකට ඇතුළු වූ බවක් හේ දුටුවේය. බොනී අත තිබූ 'පෙන්ටෝච්' විදුලි පන්දමේ එළිය ගබඩා කාමරය වෙත එල්ල කළත් එහි ෙදාර නිසොල්මන්ව තිබූ හෙයින්ම තිබිණි. බොනී වඩාත් බිය වුණේ නිවෙසේ සිටින ගෑනු පරාණ දෙකතුන ගැනය. මාමා නැති වෙලේ මෙසේ රාත්‍රියේ හොරගල් ඇහිලීම අනුවණකමත් නිසා, මාමා රාත්‍රි වැඩ මුර දිනයන්හි වැඩිපුර රාත්‍රිය ගත කළේ නිදිවර්ජිතවය. එහෙත් ඒ බව මාමාට නොපවසා තව තවත් ඒ ගැන විමසිලිමත් වන්නට උත්සාහ ගත්තේය.
බොනීගේ කාමරයට යාබදව තිබුණේ නාන කාමරයකි. ඊට පිටතින් වූ අක්කර ගණනාවක වතුකරයේ නාන කාමරයේ බිත්තියට අඩි හත අටකට එහායින් වූයේ පත ගොරොක් ගසකි. නින්දත් අඩනින්දකුත් අතර වෙහෙසකර රාත්‍රියක් ගත කර සිටි බොනී හදිසියේම බිත්තියේ සුළං කවුළු තුළින් පෙනුණු යමක් නිසා කලබලයට පත්විය. ඔහු තම කාමරයේ තිබූ ෙදාරටුවෙන් නාන කාමරයට ඇතුළු වී එහි වූ වා කවුළුවේ වීදුරු පළුව අතරින් ගොරොක් ගස දෙස බැලුවේ ඉන් නික්මුණු අමුතු එළිය කුමක්දැයි බැලීමටය. මහා ගිනි ජාලයක් ගොරොක් ගස වෙළා ගනු දැකීම පෙනීම විශ්වාස කළ නොහැකිව අන්දමන්ද විය. මේසා විශාල ගසක් ගිනි ගැනීම නිසා සිදුවන ඊළඟ විනාශය තේරුම්ගත් ඔහු මැද සාලයට පැන කනප්පුවක් පෙරළා දැමුවේ නිවෙසේ උදවිය ඇහැරවන්නට වෙන ක්‍රමයක් නොතිබූ නිසාය. එම ශබ්දය ගැන විමසිලිමත්වන්නට මෙන් බොනී කාමරයෙන් සාලයට ඒමේ රඟපෑමක නිරත වෙද්දී නැන්දා සහ ලොකු නංගීද සාලයට රහස් අඩි තිබ්බේ බියෙන් බව ඔවුන්ගේ මුහුණුවලින් පෙන්නුම් කෙරිණි. බොනීගේ දෑස රහසේම දිවගියේ පෙරකී ගොරොක් ගස දෙසට මුත් මීට විනාඩි කිහිපයකට කලින් මහා ගින්නකින් දැවෙමින් තිබූ ගොරොක් ගස කිසිවක් නොවුණුසෙයින් ගොළුවත රැකගෙන සිටියේය. කනප්පුවේ පෙරළීම ගෙදර තඩි බළලා මත තැබූ බොනී ද සිද්ධිය ගැන මුනිවත රැකගෙන කාමරයකට රිංගා ගත්තේය.
මේ වන විට බොනී මාමාගේ නිවෙසේ නතරවී ගතවී තිබුණේ සති දෙක තුනක් තරම් කාලයක් පමණි.
ඔහු මෙම අද්භූත වූත්, බියජනක වූත් සිදුවීම ගැන තම පොලිස් නිලධාරියකු වූ මාමා වෙත කියා සිටියේය. එකී කතාව තුළින් මාමා අන්දමන්දව ගියේ මින් පෙර කිසිම දිනෙක ඔහු මෙවන් දෙයක් දැක නොතිබුණු හෙයිනි. අනතුරුව කිහිප දිනකම මෙහි අගමුල දැන ගැනීම වෙනුවෙන් ඔවුහු රාත්‍රි නිදිවරා සිටියහ. එහෙත් නිවෙස තුළවත් අවට පරිසරය තුළවත් එවැනි කිසිදු අමුත්තක් නොවීය.
එදා සෙනසුරාදාවකි. බොනී සවස් යාමයේ වත්ත අවට ඇවිදිමින් සිටියේ අවට චමත්කාරය රසවිඳින්නට නොව එහි වූ ගුප්ත බව තුළින් ඔහුගේ මනස කිසියම් හැඟීමක් කරා ඇදගෙන යෑම නිසාය. අඹ, කොස් වැනි ගස් අතරේ ඊට නොදෙවැනි විශාලත්වයකින් යුත් ගොරක ගස් කිහිපයක්ම නිවෙස පිටුපස වත්තේ තිබිණි. ඊට යාබදව තිබූ පහත් බිම ප්‍රදේශයේ තනිකර පොල් වත්තකි. නිවෙසේ ඉදිරිපස තිබූ සුන්දරත්වයට වඩා හාත්පස වෙනස් පරිසරයක් තිබුණද ඒ කිසිවක් තුළින් නැන්දාටත් ඇයගේ දියණියන් දෙදෙනාටවත් බොනීට තරම් චකිතයක් එක්කර නෙතිබිණි. ඔවුන් සාමාන්‍ය පරිදි දින චර්යාවේ සිටියත් බොනී බොහෝ විට සිටියේ කතාවට කියන්නාක් මෙන් 'හොල්මනකට බය වූ' විලාසයෙනි. දාර අඹ ගස යට සිටගත් බොනී පොල්වත්තට එහායින් මහා මාර්ගයේ දිවෙන ලංගම බස් රථය දෙස බලා සිටියේය. මෙතෙක් පැවැති සැ¼දෑ රශ්මිය ගිලිහී ගොස් අඳුර වැටෙන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. ඊළඟ නිමේෂයේ ඔහු දුටුවේ පොල්ගසකට මුවාවී සිට තවත් පොල් ගසක් අසලට දිවගිය කුඩා රුවකි. බොනී විමසිල්ලෙන් ඒ දෙස බැලුවේය. එම කුඩා රුව ඊගහක වේගයෙන් පොල්ගස මුදුනට ඇදී ගියේය. තිගැස්සුණු මනසින් යුතුව බොනී හනිකට නිවෙසට ඇතුළු විය.
රාත්‍රි හත වන විට අවට කෑලි කපන අඳුරින් වැසී යයි. නිවෙසේ උදවිය රාත්‍රි නවයටත් පෙර නින්දට වැටෙන්නේ ඉන් එහා කළ යුත්තක් නොවන තැනය. එහෙත් දවස පුරා පුහුණුවීම් කටයුතුවල නිරතව වෙහෙසට පත්ව පැමිණෙන බොනී අඩු තරමේ මධ්‍යම රාත්‍රිය තෙක්වත් පොතක් පතක් හෝ පත්තරයක් බලන්නට පුරුදුව සිටියේය.
'සලාං...'
වාකවුළුව තුළින් ඇදී ආ තඩි ගොරොක් ගෙඩියක් බොනීගේ වතුර වීදුරුවද පොඩිපට්ටම් කර දමා ඇඳ යටට රෝල් වෙලා ගියේය. අඩියට දෙකට ෙදාරමුල්ලට පැනගත් බොනී හනිකට නාන කාමරයේ වාකවුළු පියනට යටින් ඇහැ තිබ්බේය. ගොරොක් ගෙඩි එහා මෙහා විසිවෙනු දැකීම බොනීගේ දෑසට එක්කළේ විමතියකි. එහෙත් මෙතරම් කට්ට කළුවරේ කහ පැහැයෙන් වුවත් ගොරොක්ගෙඩි එහා මෙහා විසිවෙනු කිසිසේත්ම විශ්වාස කළ නොහැකි තැන ඔහු තව ටිකක් ඉස්සී පිටත බැලුවේය. බොනීගේ ගත ශීතලව ගියේ එවිටය. 'මිට්ටන්' රැළක්ම වත්ත පුරා අමුතු සෙල්ලමක යෙදී සිටියහ. බෝල පාස් කරන්නාක් මෙන් එහා මෙහා විසිවෙමින් තිබුණේ ගොරොක් ගෙඩි නොව. ඒ තරම්ම වූ ගිනිබෝල සමූහයකි.
මේ සිදුවීම් මාලාවේ පුදුම සහගත දේ වන්නේ මේ සියල්ල 'බොනී' පමණක් දැක තිබීමය. එහෙත් එය තම මාමා වෙත පෙන්වා තහවුරු කරවීමට උත්සාහ ගත්තද, ඒක එසේ සිදුනොවූ විස්මයකි. මෙවන් දේ සිදුවන්නටද එක් හේතුවක් විය. ඉන් ප්‍රධානම කරුණ වන්නේ එම ස්ථානය තුළ විශාල නිල නිවෙසක් තනා තිබුණත් එම භූමිය අදෘශ්‍යමාන බලවේගයක් රජකළ තැනක් වීමය. එය ජනාවාසයක් වීමට පෙර ගොරක ගස්වලින් ගහන වූ බිම් ප්‍රදේශයකි. 'ගොරක ගස' යනු අදෘශ්‍යමාන බලවේග හෙවත් දිෂ්ටි, අවතාර වැඩි වශයෙන් ප්‍රියකළ ගස් වර්ගයකි.
නිශාන් මල්ලවාරච්චි

Posted in:
ගොරකා ගහ යට කුරුමිටි අවතාර

0 comments for "ගොරකා ගහ යට කුරුමිටි අවතාර"
Leave a reply