ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

වෙසක් පින්කමට කියා ආධාර එකතු කළ භික්‍ෂුව අත්අඩංගුවට


වෙසක් පින්කම් සදහා බව පවසමින් දෙහිවල ප‍්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකගේ නම් සහ ලිපිනයන් ව්‍යාජ ලෙස සකස් කොට ආධාර පත‍්‍රිකා සකසා මරදාන ප‍්‍රදේශයේ ජනතාවගෙන් මුදල් ආධාර රැස්කරමින් සිටි හිමිනමක් අත්අඩංගුවට  ගත් බව මරදාන පොලීසිය කියයි.

සැකකාර  හිමිනම ද රත්මලාන ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන බව ද පොලීසිය පවසයි.

තමන්ගේ නම සහ ලිපිනය ව්‍යාජ ලෙස සකස් කර කිසියම් හිමිනමක් වෙසක් පින්කම් සදහා බව කියමින් මරදානේදී ආධාර රැස්කරන බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලක්
මත පරීක්ෂණ ආරම්භ කරමින් සිටියදී පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත ඊයේ මේ සැකකාර හිමිනම අත්අඩංගුවට  ගැනින.

සැකකාර හිමිනම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පංචිකාවත්ත ප‍්‍රදේශයේ ආධාර එක් රැස් කරමින් සිටි බවද පැවසේ.

අත්අඩංගුවට  ගත් අවස්ථාවේදී සැකකාර හිමිනම සතුව එදින  දහවල් වන විට එක්  රැස් කළ රුපියල් 7000ක මුදලක් ද් තිබූ බව පොලීසිය කියය. මෙම වංචාව කාලයක පටන් සිදු  කරගෙන ගොස් ඇති බවද සදහන් වේ.

Posted in:

0 comments for "වෙසක් පින්කමට කියා ආධාර එකතු කළ භික්‍ෂුව අත්අඩංගුවට"

Leave a reply